පුරා දශක දෙකක කෝමා තත්ත්වයකින් පසු ලෝක ප්‍රකට “ස්ලීපින් ප්‍රින්ස් ” ඊයේ (19) දිවි සැරියෙන් සමු ගත්තේය.
“ස්ලීපින් ප්‍රින්ස්” ලෙස හැඳින්වූයේ සෞදි ආරාබියේ අල්-වලීඩ්බින් කලීඩ්බින් තලාල් අල්-සවුද් කුමරු ය. ඔහු 1990 අප්‍රේල් මාසයේදී රියාද් හි උපත ලැබූවේය. කුමාරයා වන කලීඩ්බින් තලාල්ගේ වැඩිමහල් පුත්‍රයා සහ සෞදියේ කෝටිපති කුමාරයා වන අල්වලීඩ්බින් තලාල්ගේ බෑණනුවන්ය.
කවදා හෝ ඔහු නැගී සිටිනු ඇතැයි වූ තාත්තාගේ අපේක්ෂාවෙන් ඒ තාත්තා අවුරුදු 20ක් තිස්සේ බලා සිටියේය. ඒ මුළු කාලය පුරාම අල් සවුද් කුමරු සිටියේ පූර්ණ කෝමා තත්ත්වයකිනි. පුරා දශක දෙකකට වැඩි කාලයක් කෝමා තත්වයෙන් පසු ඔහු මිය යන්නේ 36 වැනි වියේ දීය.
ඔහු 1990 අප්‍රේල් මාසයේදී රියාද් හි උපත ලැබූ වේය. අල් සවුද් කුමාරයා කලීඩ්බින් තලාල්ගේ වැඩිමහල් පුත්‍රයාය. කෝටිපති රජ කුමරෙක්වන අල්වලීඩ්බින් තලාල්ගේ බෑණනුවන්ය.තරුණ අල් වලීඩ් කුමරු අවුරුදු 15වන විට අධ්‍යාපනය ලබමින් සිටියේ ලන්ඩනයේ හමුදා ඇකඩමියකය. ඒ අතර වර්ෂ 2005 දී ඔහු බරපතල මෝටර් රථ අනතුරකට මුහුණ දුන්නේය. ඉන් මොළයේ රුධිර වහනයක් සහ අභ්‍යන්තර රුධිර වහනයක් ඇති කළේය. එහි ප්‍රතිඵලය වූයේ කෝමා තත්ත්වයකි.

දශක දෙකක සත්කාරය.
අනතුරෙන් පසු අල්-වලීඩ් තරුණ කුමාරයා රියාද් හි කිං අබ්දුලාසීස් වෛද්‍ය ආයතනය වෙත රැගෙන ආවේය. ඒ කෝමා තත්ත්වයෙනි. එතැන් සිට ඔහු ඊයේ (19) දිනය දක්වා වසර 20 කට ආසන්න කාලයක් සිටියේ ජීවිත ආධාරකයේ රැඳී සිටිමිනි.
අල් වලීඩ් කුමරුගේ තාත්තා ප්‍රසිද්ධියේම සිය පුතා සවි කර ඇති වෙන්ටිලේටරයෙන් ඉවත් කිරීම ප්‍රතික්ෂේප කළේය. දැඩි සත්කාර ඒකකයේ රඳවා සිටි තරුණ කුමාරයාට ඉහළ මට්ටමේ දැඩි සත්කාර සඳහා ඇමරිකානු සහ ස්පාඤ්ඤ විශේෂඥයින්ගෙන් විශේෂඥ උපදෙස් ඔහු ලබා ගත්තේය. ඒ තාත්තා හිතුවේ කවදා හෝ සිය දරුවා සිහිය ලබනු ඇති කියාය. තරුණ කුමාරයාගේ ඇඟිලි ඇඹරීම වැනි ඉඳහිට සිදුවන කුඩා චලනයන් ඒ තාත්තාගේ බලාපොරොත්තු දැල්වූයේය.
බලාපොරොත්තුවේ පිරිවැය
නිශ්චිත වියදම් ප්‍රසිද්ධියට පත් නොකළද, රියාද් හි ඉහළම මට්ටමේ වෛද්‍ය පහසුකමක් යටතේ රෝගියෙකු දිගු කාලීනව වෙන්ටිලේටරයක රඳවා තබාගෙන සිටීම සඳහා දැරිය යුතු දැඩි සත්කාර ඒකකයේ පිරිවැය, විශේෂඥ උපදේශන සහ පැය විසිහතර පුරාම හෙද සේවය ඇතුළුව සම්ථ වෛද්‍ය පහසුකම් සඳහා ඒ රජපවුල වසර 20ක් පුරා කළ වියදම ඩොලර් මිලියන ගණනක් වූයේය. කුමරුගේ පවුල කිසිදු අවස්ථාව වියදම ගැන කම්පා නොවීය. , ඔහුට දිය හැකි උපරිම ඉහළම මට්ටමේ සත්කාර ලබා දුන්නේය.

ආදරයේ සහ විශ්වාසයේ උරුමය
“ස්ලීපන් ප්‍රින්ස් ” ලෙස නම් කරන ලද ඔහුගේ කතාව දෙමාපියන්ගේ නොසැලෙන විශ්වාසයේ, භක්තියේ සහ ඇදහිල්ලේ සංකේතයක් බවට පත්විය. දහස් ගණනක් දෙනා #SleepingPrince යන හැෂ් ටැගය භාවිතා කරමින් යාඥා සහ උපහාර බෙදා ගත්හ
ඔහුගේ පියා බොහෝ විට ඊද් සහ රාමසාන් සමයේදී අල්-වලීඩ්ගේ කාමරය අලංකාර කළේය. යාච්ඤා සහ පාරායනය සඳහා තම පුතාගේ සුළු ප්‍රතිචාර මතකයන් බෙදා ගත්තේය. එහෙත් “ස්ලිපින් ප්‍රින්ස් ” යළි කවදාවත් අවදි වූයේ නැත. දෑස් ඇර ලෝකය දෙස බැලුවේ නැත.
2025 ජූලි 19 වන දින”ස්ලීපින් ප්‍රින්ස්”ගේ පියා කාලිඩ් කුමරු තම පුත්‍රයාගේ අභාවය ප්‍රකාශයට පත් කළේය.
“අල්ලාහ්ගේ නියෝගය විශ්වාස කරන හදවත් සමඟ … අපි අපගේ ආදරණීය පුත්‍රයා ගැන ශෝක වෙමු,” ඔහු කීවේය.
අද දින රියාද්හි ඉමාම් ටර්කි බින් අබ්දුල්ලා පල්ලියේදී සිදුකළ වේදනාත්මක අවමංගල්‍ය යාඥාවෙන් අනතුරුව “ස්ලීපින් ප්‍රින්ස්” අවසන් ගමන් ගියේ.
ඔහුගේ මරණය සිද්ධ වෙන විට වයස අවුරුදු 36කි. ඒ කාලය පුරා දිවියෙන් අඩකට වඩා එනම් වසර 20ක් ඔහු සිටියේ කෝමා තත්ත්වයෙනි. “ස්ලීපින් ප්‍රින්ස්” හෙවත් අල්-වලීඩ් කුමරුගේ ජීවිතය කතාව බොහෝ දේ ලෝකයට සන්නිවේදනය කර තිබිණි.
පවුල් ආදරය, ඇදහිල්ල සහ ප්‍රාතිහාර්යයක් බලාපොරොත්තුවෙන් දෙමාපියන් ගත කරන කාලය ගැන.







