අගෝස්තු මස 02 දා ශ්රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි සුප්රකට බොලිවුඩ් නළු ශාරුක් ඛාන් නොවැළැක්විය හැකි තත්වයන් හේතුවෙන් ශ්රී ලංකා සංචාරය අවලංගු කර ඇති බවට නිවේදනය කර තිබේ.
ශාරුක් ඛාන් කොළඹ දී විවෘත කිරීමට නියමිත දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ නිවාඩු නිකේතන හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හි සමාරම්භක උත්සවයට විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට නියමිතව සිටියේය.
ෂාරුක් ඛාන් නොපැමිණියද, මහා විවෘත කිරීමේ උත්සවය නියමිත පරිදි පැවැත්වෙන බව City of Dreams Sri Lanka හි ප්රකාශකයෙක් පැවසීය. ඔහු තවදුරටත් මෙසේ පැවසීය:
“බොහෝ දෙනෙක් ෂාරුක් ඛාන් හමුවීමට උනන්දු වූ බව අප දන්නවා. අපට එම අවස්ථාව ලබා දෙන්න නොහැකි වීම ගැන කණගාටු වෙනවා. අපගේ සාර්ථකත්වයට අඛණ්ඩව සහයෝගය සහ දායකත්වය ලබා දීම වෙනුවෙන් ෂාරුක් ඛාන්ට අපගේ කෘතඥතාව පළ කිරීමට කැමතියි. නුදුරු අනාගතයේ දී City of Dreams Sri Lanka වෙත ඔහුව පිළිගැනීමට අප බලාපොරොත්තු වෙනවා..”
ෂාරුක් ඛාන්ගේ නිල ආයතනය වන WizCraft, ඔහුගේ නොපැමිණීම සම්බන්ධයෙන් පහත ප්රකාශය නිකුත් කළේය:
“නොවැළැක්විය හැකි තත්වයන් හේතුවෙන් පෙර සැලසුම් කළ පරිදි, City of Dreams Sri Lanka හි සමාරම්භක උත්සවයට ෂාරුක් ඛාන් සහභාගී නොවන බව කණගාටුවෙන් දැනුම් දෙමු ”







