බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉටි රූප අස්සේ සඟවා කරලියට ගෙනත් ඇති ජනපතිත් දන්න අපත් දන්න දළදා ඡන්දය…

by editor
ජූලි 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

දළදා වහන්සේගේ හිමික තිබුණේ රටේ රජ්ජුරුවන්ටය. උන්වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය වූහ. රජකෙනක් රාජ්‍යත්වය සහතික කරගන්නා හිමිකම් සහතිකය වූයේ දළදා වහන්සේය. රජ්ජුරුවන් යටතේ දළදා වහන්සේගේ වත් පිළිවෙත් ආවතේව කරන්නට වෘත්තීයමය වශයෙන් පත්කළ තැනැත්තා දියවඩන නිලමේය. දියවඩන නිලමේ රාජ සභාවේ ප්‍රමුඛ නිලධාරියෙක් වූයේය.

දියවඩන නිලමේට දළදාවහන්සේ ගේ නිල භාරකාරිත්වය භාර දෙන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත වාදීන්ය. රටේ රදලයන් විසින්ම සිංහලේ රජ්ජුරුවන් සිරකරුවෙක් කොට පාවා දී ජීවිතාන්තය දක්වා සිරකිරීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය කිරීටයට ජාතිය යටත් කළ උඩරට ගිවිසුම ද අත්සන් කොට දීමෙන් පසු දශක තුනකට පසු කාලයක දියවඩන නිලමේට මේ බලතල පැවරීම සිද්ධ වුනේය.

දළදා වහන්සේ තමන්ගේ පරවේනි භුක්තියක් කර සිතන, දළදා වහන්සේ වෙනුවෙන් උපදින මහා සම්පත් ප්‍රමාණය තමන්වෙත පහළ වන අරුම සම්පත් සේ සිතන දියවඩන නිලමේ භූමිකාව දෙකේ කොළයට දැමු පුද්ගලයින් බිහිවන්නට පදනම දමන්නේ සුද්දාය. ඒහෙත් සුද්දා උනත් දෙකට දෙමන්දමට නැති ගුඩ්ඩන් දියඩන නිලමේලා වනු ඇතැයි විශ්වාස කරන්නට නැතිව ඇත්තේ ඒ් වකවානුව තුළ එම තනතුරු තෝරා පත්කර ගන්නේ අතිශය ගෞරවාන්විත ක්‍රමවේදයක් තුළ වීම නිසාය. දියවඩන නිලමේ තනතුර පවත්වා ගන්න අල්ලස් දුන්නේ නැත. මිලියන ගණන් මුදල් හුවමාරු වුනේ නැත. වරදාන වරප්‍රසාද බෙදා දුන්නේ නැත. දළදා මාළිගාවේ වත්කම්වලින් දන්සල් දුන්නේ නැත. ජාතියට ගෞරවයක් දිය හැකි ගෞරවනීය මිනිස්සු මේ උත්තම වගකීමට දැරීමට තේරී පත් වූහ.

දියවඩන නිලමේ තෝරා ගැනීමේ ක්‍රමවේදය 

දියවඩන නිළමේ තෝරාගැනීම ට ගෞරවනිය මල්වතු සහ අස්ගිරි පාර්ශව වල මාහානායක තෙරුන් වහනසේලා, මහා භාරකාර මණ්ඩලයේ ලියාපදිංචි වාර්ෂික ආදායම රු.1,000/- වැඩි බෞද්ධ විහාර භාරකරුවන් සහ මහනුවර ප්‍රදේශයේ ප්‍රාදේශිය ආදායම් නිලධාරින් (නුතනයේ ශ්‍රී ලංකාවේ පරිපාලන නිලධාරින්) විසින් සිදු කරනු ලැබුවේය. මෙම නිලධාරින් බෞද්ධ විය යුතුය. තෝරාගත් දියවඩන නිළමේගේ සේවා කාලය අවු 10 වන අතර දෙවන වාරය සඳහා ද ඉදිරිපත් විය හැක.

1832 වන තුරු මහනුවර පළාත පරිපාලනය කරනු ලැබුයේ කොමිෂන් සභාවක් මගිනි. රටෙහි පරිපාලනය එක්සත් කිරීම සම්බන්ධව කෝල්බෲක් සහ කැමරන් මෙසේ සඳහන් කර තිබුණි..

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

“කොමිසන් සභාවේ නියෝගයට අනුව බුදුන් වහන්සේගේ ධාතු ප්‍රදර්ශනය කිරීම සහ පෙරහර පැවැත්වීම නුවර පළාතේ ස්වදේශිකයන් සඳහා නුවර රජුගේ වරප්‍රසාදයක් ලෙස සලකන ලදි. ධාතුන් ප්‍රදර්ශනය ආරම්භ කළ විට සියලුම දුෂ්කර පළාත්වල, පන්තිවල මිනිසුන් එය නැරඹිමට අගනුවරට පැමිණේ. ක්‍රි.ව1828 AD දී අග්‍රාණ්ඩුකාර හා අනිකුත් බලධාරින් විසින් ධාතු ප්‍රදර්ශනය කරන ලදි. මෙම සිදුවීම මහත් උත්සවශ්‍රියකින් පවත්වනු ලැබු අතර තේරීම සහ පත් කිරිම පන්සලේ ප්‍රධානින් සහ පූජකයන් විසින් රජුගෙන් ලද වරප්‍රසාදය අනුව සිදු කරන ලදහ. මෙම ක්‍රියාකාරකම් දැනට රජය මගින් සිදු කරනු ලබන අතර, පූජකයන් නම් කිරිමට නිර්දේශය කරනු ලබයි. දළදාව, අස්ගිරිය, මල්වත්ත, දේවාලය, නිලමේ ආදින් සම්බන්ධ කරණු පිලිබදව ක්‍රි.ව 1853 බ්‍රිතාන්‍ය කෑබිනට් මණ්ඩලය මගින් සවිස්තරව සාකච්ඡා කරන ලදි. යටත් විජිත රජයන් සඳහා ලේකම්වරයා වු නිව්කාස්වල අධිපාදවරයා (Duke of Newcastle) ලංකාවේ ආරණ්ඩුකාරවර වු “සර් ජෝජ් ඇන්ඩර්සන්” වෙත 1853 අගෝස්තු 18 දින දළදාවේ ඉදිරි චාරිත්‍ර සහ දියවඩන නිළමේ පත්කිරීම සම්බන්ධය මෙසේ ප්‍රකාශ කරයි.

“මම දළදාව හෙවත් ශුද්ධවු දන්ත ධාතුව සම්බන්ධයෙන් ඔබ කළ යුතු කරුණු, එසේම අනුමත කරන අතර කාටවත් 1847 මෙන් හැරදමන දේ නැවත ඇති කිරිම ගැන සතුටු වෙමි. මගේ විශ්වාසය අනුව ඔබ ධාතු ප්‍රදර්ශනය අභිමත ලෙස පවැත්වු අතර එය භාර නිළධාරියා ලෙස අවධානයෙන් කටයුතු කිරිම ගැන සැකයක් නොමැත. ඔබ විසින් බස්නායක නිළමේ හා දේව නිලමේ (දියවඩන නිළමේ) යන ඓතිහාසික පාලන තනතුරු (secular superintendents) පත්කිරීම සම්බන්ධයෙන් ආගමකට සම්බන්ධ තැනි අධිකාරිවරුන් රජය මගින් පත්කරන ලද අතර ඒ සඳහා අවශ්‍ය කාර්ය කිරිමට කටයුතු සම්පාදනය කරනු ලබයි. බස්නායක නිලමේ හා ආදාළ දිස්ත්‍රික්කවල ප්‍රදේශවාසින්ගේ නායකයන් මෙන්ම, දියවඩන නිලමේ පත් කිරිම ඡන්දයකින් සිදුවේ. සමහර අවස්ථාවලිදි ‍බස්නායක නිලමේ යන තනතුරද ඡන්දයකින් පත් කරන අතර, එවිට ප්‍රධාන පූජකයාට ලබා දෙන ආකාරයේ සහතිකයක් ඡන්ද කොට්ඨාසය මගින් ලබා දෙයි.”

දියවඩන නිලමේ ඡන්ද උණුහුම

ඉතිහාසයෙන් දියවඩන නිලමේට දළදා වහනසේගේ ගිහි භාරකාරත්වය හිමි වන්නේ ඔහොමය. දැන් ඉන්න දියවඩන නිලමේ වරයා අවුරුදු විස්සක් මේ ධූරයේ ආනුභාවය වළඳා ඇත්තේය.  ඔහුගේ ධූර කාලය මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ දී නිමා වන්නේය. අලුත් දියවඩන නිලමේවරයා තෝරා ගැනීම සඳහා වූ මහා තරගය ආරම්භ වන්නේ     ඊයේ පෙරේදා නොවේ. එ් තරගය වඩාත් දැනෙන විදිහට කරලියට එන්නේ මේ ජනවාරියේ සිටය.

වත්මන් දියවඩන නිලමේ වරයා යළිත් වරක් දියවඩන නිලමේ ධූරයට තරග කිරීමට සූදානම්ය. ඒසේ වුවහොත් ඔහුගේ ධූර කාලය අවුරුදු 30කි. තිස් අවුරුදු කාලයක ගමන සඳහා එතුමෝ මහා බරින් වැඩ ආරම්භ කර ඇත්තාහ. එසේ වුවහොත් මේ ධූරයේ තිස් අවුරුදු ධූරය හෙබවූ පළමු වෙනියා වන්නේ නිලංග දෑලය.

ඒ් ගමනට කදිම ප්‍රචාරණ අවස්ථා දෙකක් මේ රජය යටතේ දී නිලංග දෑල දියවඩන නිලමේවරයාට ලැබුනේය. පළමුව අප්‍රේල් අප්‍රේල් 19 වැනිදා සිට අප්‍රේල් 27 දා දක්වා පැවැත් වූ සිරි දළදා දැක්මය. රජය වී.අයි.පී පෝලිම් තහනම් කරද්දී රටේ ප්‍රධානියා අනුදත් සම්මතයන් දොයිතුවකට මායිම් නොකර දියවඩන නිලමේවරයා සිය අනාගත ඡන්ද ව්‍යාපාරය දියත් කර ඇති බවට චෝදනා එල්ල විය. ඒ් තමන් බලයට පත්කිරීමට බලය ඇති පාර්ශවයන්හි පවුල් පිටින් ගෙන්වා කන්න බොන්න දී හොරපාරෙන් දළදා වැන්දවීමෙන් බව වාර්තා විය.

දැන් දෙවැනි අවස්ථාව උදා වී ඇත. ඒ අද (17) විවෘතවුන ඇහෙළේපොල වලව්වේ ඉටි රූ කෞතුකාගාරය විවෘත කිරීමෙනි. එම අවස්ථාව විවෘත වන්නේ රටේ ජනාධිපතිවරයා අතිනි. ජානධිපතිවරයා ඒ සඳහා නුවර ගෙන්වා වැඩේ විවෘත කිරීමෙන් නිල වටිනාකමක් ලබා ගත් පසු දැන් යළිත් වරක් දියවඩන නිලමේවරයා ස්වකීය ඡන්ද ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේය.

මේ ඉටි රූ කෞතුකාගාරය මුල් කරගෙන ගොඩනැගෙන සංචාරක ආකර්ශනය සහිත ව්‍යාපෘතිය වැදගත් බව සැබෑය. ඉන් ජීවමානවන ඉතිහාසයේ කොටසක් තිබේ. එමෙන්ම ඒ් හරහා හඳුන්වා දෙන්නට යන රටේ පැරණි ආහාර සංස්කෘතියේ ජීවමාන අත්දැකීම පමණක් උවද අගය කළ යුතුය. දේශීය ව්‍යාපාරිකයන්ට ද මේ භූමියේ ඉඩ හසර වෙන් වී තිබේ. එහෙත් රට ඉදිරියේ ඇත්තේ ඒම ව්‍යාපෘතියේ සද්භාවය පිළිබඳ ප්‍රශ්නයකි. මේ ව්‍යාපෘතිය දියවඩන නිලමේවරයාගේ ඡන්ද ව්‍යාපාරයේ කූටප්‍රාප්තිය බව දැන් රටේ දැනුමවත් පිරිස් කතා කරනු ඇසෙන්නේය.

අද (17) ජනාධිපතිවරයා අතින් නිල වශයෙන් මෙම ඉටි රූ කෞතුකාගාරය විවෘත වුනේය.

අද (17) ජනාධිපතිවරයා අතින් නිල වශයෙන් මෙම ඉටි රූ කෞතුකාගාරය විවෘත වුනේය. හෙට (18) එය වෙන් වන්නේ මාධ්‍යවේදීන්ටය. අන්ද්දා (19) රජයේ පෞද්ගලික අංශ ප්‍රධානීන්ට, නීතිඥයින්ට, විවෘතය. 20 වැනිදා හෝටල් සංචාරක මණ්ලවල ප්‍රභූන්ටය. එදිනට යළිත් මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ට ද මේ ස්ථානයට ඇරයුම් කර තිබේ. සියලුම දිනවල සවස 6න් පසු භෝජන සංග්‍රහයන්ය. උත්සව ය.

මේ පිළිබඳව විවෘත සංවාදයක යෙදෙන්නට අවස්ථාවක් නැත. රටේ උත්තරීතරම අධ්‍යාත්මික සංකේතයේ භාරකාරිත්වය සම්බන්ධව අදහස් පල කිරීම උසාවියෙන් කෙළවරවන අපරාධයක් බවට පත් කර තිබේ. ඇතැම් මාධ්‍ය වෙත වාරණ නියෝග දමා මුඛවාඩම් බැඳ තිබේ. යළි පත්වීමේ වැඩි බරක් සහිතව, සිය ඡන්ද ව්‍යාපාරය සඳහා විවෘත කර ගත හැකි සෑම අවස්ථාවක්ම යොදාගෙන කැම්පේන් කරන දියවඩන නිලමේවරයා 30 වසරක් ආවරණය කරන අනාගත ධූර කාලයට පත් වීම මේ රටේ බෞද්ධයින් අති බහුතරයකට ගැටලුවක් නිර්මාණය කර ඇත. ඒ් කුමක් නිසාදැයි කියන්න ගියොත් නඩුය. ඒහෙත් ඇයි කියා මිනිස්සු දනිති.

ජනාධිපතිවරයා මේ සියල්ලටම සම්බන්ධ වන්නේ මේ තත්ත්වය පිළිබඳ නොදැන නොවේ. දියවඩන නිලමේවරයා සේම ඔහුත් දේශපාලකයෙකි. දේශපාලකයෝ මෙවැනි සංකීර්ණයන් සියුම් ලෙස මගහරිති. අධ්‍යාත්මය පිරිහුණ රටක සුදු ඇඳුම් ඇඳගෙන එන දේශපාලනයේ අධ්‍යාත්මයත් කිළිටිය. වත්මන් රජය ගැන දැන් කියැවීමත් එයමය.

අප විසින් දිවි හිමියෙන් ඔසවා තබා පත් කරගෙන ඇත්තේ අපගේ ප්‍රාර්ථනයන්ට වඩා ගවු ගණනක් පහළ ඉන්නා මිනිස්සුය. තියන ඒකම සැනසීම තවමත් උන් පරණ හිටපු අපතයින්ට වඩා තරමක් උඩින් සිටීම පමණය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශාරුක්ගේ ශ්‍රී ලංකා ගමන අවලංගු වෙයි!

Next Post

ශ්‍රී ලංකා-එක්සත් ජනපද තීරුබදු ගිවිසුමත් රහසිගතව… මිනිස්සු පොල් කුඩු ද?

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.