බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හතර අතේ ඉන්නා ලොන්ත සිපයි ගෙදරට ඇවිත් කනට ගසා යනු බලා ඉන්නට සිදුවූ රටේ ක්‍රිකට් ලොලීන්ගේ  පාපය…

by editor
ජූලි 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජාලිය වීරක්කොඩි –

පරාජය පිළිගත හැකිය. පරාජයක් පිළිගත යුතුය. ක්‍රීඩාවේ හරයම ඒ විශිෂ්ඨ ධර්මතාවය ය. එහෙත් මේ සිදුවන වඳුරු කුණුහරපය කුමක් දැයි කියා දෙන්නට පුලුවන් එකෙක් ඇතිනම් පැමිණ කියා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

අවසන් විස්සයි 20 තරගයත් පරාදය. පට්ට පදුරු වෙන්නම පරාදය. බංගලියන් කඩුළු 08කින් දිනුම්ය. විස්සයි 20 තරගාවලියත් දිනුම්ය. ලෝක ශ්‍රේණිගත කිරීම්වල මෙතෙක් 10වැනි තැන රැඳෙමින් මුලු වකවානුව පුරාම විස්සයි 20 මාදිලියේ දී පජාත වුන බංගලියන් අපේ රටට පැමිණ අපේ තනතීරුවල අපේ ප්‍රේක්ෂකයන් ඉදිරියේ අපිට වඩාගෙන ගහන ආකාරයෙන් වැඩිපුරම රිදුනේ රස්සාවට ක්‍රිකට් ගහන උන් එකොලොස් දෙනාට නොව, අපටය.

සනා කිව්වේ ස්ථාවර ටීම් එකක ස්ථාන දෙකක පුංචි අවුලක් ගැනය. ඒක “එජස් “කරගත් විට සියල්ලම හරි බවය. අප දුටුවේ අත්තන ඇට කෑ උන් පිච් එක මැද කෙළින අජූත පිස්සුවය. මේ පිස්සුවේ හැටියට නම් සිදුවන්නේ එජස් කරන්නට නොව, මකවා මුල සිට හදන්නටය. ආර්.ප්‍රේමදාස පිටියේදීත්, ඉන් පෙර දඹුල්ලේදීත් ශ්‍රී ලංකා ජර්සි ඇඳගෙන ගැහුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ද නැතිනම් 1XBET ජොකියන් ටිකක් දැයි අසන්නට තරම් දැන් මේ ක්‍රීඩාවේ ස්වරූපය විකල් වී ඇත්තේය.

දඹුල්ලේදී වගේම ටොස්ට් එක දිනුවේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහරදීම තේරුවේය. එහෙම තේරීමක් ලොවෙත් නැත. ලොවි ගහෙත් තිබුණේ නැත. කුසල් මෙන්ඩිස් ලකුණු 06කි. කුසල් පෙරේරා එක පන්දුවකි. ලකුණු ලැබුවේ නැත. ඒ තරම් අමන ගොං ගැහිල්ලක් මොන්ටිසෝරි පොඩි එකෙක්වත් ගහන්නේ නැත. ක්‍රිකට්වලටම නාකි වූ කුසල් ජනිත් පෙරේරා යළිත් අපට කියා ඇත්තේ දැන් ගෙදරට වී බණක් භාවනාවක් කරගෙන ඉන්නට කාලය හරි බවය. දිනේෂ් චන්දිමාල් ලකුණු 4කි. චරිත් අසලංක පොල්ල ගැලවෙන තෙක් දන්නේ නැත. ඔහු ලකුණු 3කි. ක්‍රීඩකයින් 06ක් ලකුණු 10ට පහළිනි.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මෙහෙදි හසන්

පැතුම් නිශ්ශංක ලකුණු 46ක් ලැබුවේය. කමිඳු මෙන්ඩිස් ලකුණු 21කි. දසුන් ශානක පන්දු 25ක දී නොදැවී ලකුණු 35කි. ඔහු අවසාන ඕවරයේ දියත් කළ පිති හරඹය හෙළි කොට්ටෙන් යන්නට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ලන්කට් එක බේරා දුන්නේය. එමෙන්ම ඒ අවස්ථාවේ දී අප දුටුවේ මේ තණතීරුව තුළ ලකුණු 200ක් වුව ද පහසුවෙන් රැස්කරගත හැකි විභවයක් තිබුණු පිතිකරණ පාරාදීසියක් බවය.

සිය ක්‍රීඩා ඉතිහාසයේ හොඳම පන්දු යැවීම මෙහෙදි හසන් යැව්වේය. පන්දු ඕවර 4ට එක් නිලකුණු පන්දු ඕවරයකි. ලකුණු 11කි. කඩුළු 04කි. තරගයේ වීරයා වූයේ ඔහුය. මේ පන්දු යවන්නාට පිච් එක මැද කොක් ඩාන්ස් දාන අපේ සුපිරි යැයි කී පිතිකරුවන් දුටු විට ඇති වූයේ වේදනාවකට වඩා කෝපයකි. මැච් එක විකිණුවා දැයි අහන්නට හිතන තරමට ඒ පිතිකරණ රටාව අතාර්කිකය.

මුස්තෆිසුර් රහ්මාන් පන්දු ඕවර 4 දැම්මේ ලකුණු 17කට ය. එක කඩුල්ලක් ලැබුවේය. රිෂාඩ් හොසේන් පන්දු ඕවර 4 ලකුණු 20කට නිමා කළේය. ෂමීම් හොසේන් පන්දු ඕවර 2ක් ලකුණු 10කට දමා කඩුල්ලක් ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් හඹා යන්නට පැමිණි බංගලාදේශ කණ්ඩායමේ මුල්ම කඩුල්ල නුවන් තුෂාරගේ පළමු පන්දුවෙන් දැවී ගියේය. දැවී යන්නේ පර්වෙස හොසෙයින් ඉමොන්ය. එතැන් සිට බංගලියන් ගැහුවා නොව අපේ පන්දු යවන්නන් අල්ලා පොලොවේ ගැහුවේය. ඩන්සිඩ් හසන් පන්දු 47ක දී ලකුණු 73කි. හයේ පහර 06කි. එක් හතරේ පහරකි. නායක ලිටොන් දාස් ලකුණු 32කි. ඒ ලකුණු ලබා ගන්නේ පන්දු 26ක් තුළය. ටොවිඩ් හිඩ්‍රෝයි පන්දු 25ක දී ලකුණු 27කි. පන්දු ඕවර 16.3කින් මැච් එක ඉවරය.

බංගලියන් කඩුළු 08කින් දිනුම්ය. ඉලක්කයට පන්දුවක් යවා ගන්නට බැරිව, අවශ්‍ය දඟ කැවීම හෝ ඉපිලීම ලබා ගත නොහැකිව කුජීත වුන මහීෂ් තීක්ෂණ පන්දු ඕවර 3.3තුළ ලකුණු 30ක් ලබා දුන්නා පමණක් නොව, තීරණාත්මක අවස්ථාවක දී මේ තරගය කණපිට පෙරලූ ටන්සිඩ් හසන් ගේ ඉතාම පහසු උඩපන්දුවක් ළදරුවෙක් සේ අත හැරියේය. දවා ගත් කඩුලු 02 නුවන් තුෂාර සහ කමිඳු මෙන්ඩිස් දවා ගත්හ.

ලෝක කුසලානය පෙනෙන මානයේය. වටේ ඉන්නා ලපයි සිපයි අපේ ගෙදරට පැමිණ අපට කණට ගසා යන්නේය. බඩ රස්සාව ක්‍රිකට් ගැසීම නම් මේ උන්දැලාට කිව යුතු වන්නේ රට ගැන හිතන්නට ඕනෑත් නැත, බලන් ඉන්න අප ගැන හිතන්නට ඕනෑත් නැත. යට ඇඳුමත් ගලවා ගන්නට ඉඩ නොදී  යටට ඇඳගෙන ගෙදර යන්නට හිතෙන විදිහට තමන්ගේ රස්සාව කරන ලෙසය.

වෘත්තීය ක්‍රීඩාව කියන්නේම තාර්කික යථාර්ථයකි. පරදින්නට පුලුවන. දිනන්නට පුලුවන. ඒ දෙකටම පිළිගත හැකි තර්කයක් තිබිය යුතුය. අද ලොවෙත් නැතිවෙන්න ලබා ගත් ජයග්‍රහණය හෙට දවසේ අපාගත පරාජයක් වන්නේ නම් ඒ අන්තරය අපට තේරුම් ගත නොහැකිය. මේ තරම් ප්‍රශ්න කරන්නේ ඒ ඇත්තය. අප මළගෙදරක බූරුවා ගහනවා බලන් ඉන්නවා නොවේ. අප බලා ඉන්නේ ක්‍රිකට් දෙසය. අප අපේක්ෂා කරන්නේ සාධාරණ ක්‍රීඩාවක් පමණය. මේ වේදනාව ඒ සාධාරණය ඉටු නොවීම ය. එය පරාජයේ වේදනාවට වඩා බෛාහෝ සෙයින් ගැඹුරුය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පළාත් පාලන ආයතන පිහිටුවීම කඩාකප්පල් කිරීමට විපක්ෂය දිගින් දිගටම කටයුතු කරන්නේ නම් එම ආයතන කොමසාරිස් පාලනයට යටත් කරන බව ඇමති කියයි!

Next Post

චෙම්මිනි සමූහ මිනී වළෙන් පාසල් බෑගය සහ සෙල්ලම් බඩු සමග හමුවන අස්ථි කොටස් 6 හැවිරිදි දැරියකගේ… අධිකරණය ඉදිරියේ අනාවරණය වෙයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.