බලපිටිය කොස්ගොඩ හතරමං හන්දියේ දී ඊයේ සිදුකළ වෙඩි තැබීම වැරදි ඉලක්කයකට කළ ප්‍රහාරයක් බව මේ වනවිට සිදුවෙමින් ඇති පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම වෙඩි තැබීම දැනට විදේශගතව සිටින අපරාධකරුවෙක් වූ ශාන් මල්ලී විසින් සිදුකර ඇති බවය. ඔහුගේ ඉලක්කය වී ඇත්තේ මෙම ත්‍රී රෝද රථය හිමිකරුවා වු බාලේ නැමැත්තා වුවද වෙඩි ප්‍රහාරය එල්ල කරන විට ත්‍රී රෝද රථය පදවාගෙන ගොස් ඇත්තේ බාලේ ගේ ඥාති පුත්රයෙක්වන කලුදුර නිමුතු අභිෂාන් අභය ද තාබ්‍රෙව් (රන් මහත්තයා) නැමැත්තෙකි.
ඔහු මේ වනවිට බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ගනිමින් ඇත. මේ බාලේ නැමැත්තා ඝාතනය කිරීමට උත්සාහ කළ දෙවැනි අවස්ථාව බව පොලිසිය පවසයි. මීට වසර දෙකකට පමණ පෙර ද බාලේ නමැත්තා ඉලක්කකර අහුන්ගල්ලේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත. එම ප්‍රහාරය එල්ලවන්නේත් ඔහු ත්‍රි රෝද රථය පදවමින් සිටියදී ය. බාලේ තුවාල ලබා ජීවිතය බේරා ගත්තේය.
වැරදුන ඉලක්කය හඹා ගොස් වෙඩික්කරුවන් වෙඩි තබා ඇත්තේ ත්‍රිරෝදය අහුන්ගල්ලේ සිට කොස්ගොඩ දෙසට ගමන් කරමින් සිටියදීය. වෙඩික්කරුවන් දෙදෙනා පැමිණ ඇත්තේ යතුරු පැදියකිනි. ඔවුන් ත්‍රී රෝද රථයේ යන පුද්ගලයාට පිස්තෝල අවියකින් ගිනි තබා පලා ගොස් ඇත.
වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකය.







