බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් මාස 03ක් තුළ ගෙනෙනවා… ඇමති නලින්ද පාර්ලිමේන්තුවට කියයි…

by editor
ජූලි 8, 2025
in පුවත්
Nalinda
Share on FacebookShare on Twitter

රජයේ සහ පෞද්ගලික රූපවාහිනී නාලිකාවල විකාශනයවන වැඩසටහන්වල ගුනාත්මක භාවය ඉහළ නැන්වීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බවත් තව මාස තුනක් තුළ ජාතික ජන මාධ්‍ය ප්‍රතිපත්තියක් එළි දකින බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස අද (08) පාර්ලිමේන්තුවේ දි පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ආචාර ධර්ම උල්ලංඝනය කිරන ජනමාධ්‍ය විෂයෙහි රජය විසින් ගනු ලබන පියවර කවරේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සේන නානායක්කාර විසින් විමසන ලද පැනයකට පිළිතුරු දෙමිනි.

කෙසේ වෙතත් ඇමතිවරයා අවධාරණය කළේ ජනමාධ්‍ය සම්බන්ධව කිසිම නීතියක්, පනතක් හෝ ආචාර ධර්ම සංග්‍රහයක් රැගෙන එනවා නම් ඒ මාධ්‍ය ආයතන සහ මාධ්‍ය ප්‍රධානීන් මෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයන්ගෙන් පමණක් නොව මුළු පාර්ලිමේන්තුවේම එකඟතාවය සහ සම්මුතිය සහිතව බවය.

ඇමතිවරයා මෙසේ ද කීවේය.

“විවිධ ක්ෂේත්‍රවල සමාජ පරිහානිය ජනමාධ්‍යවලටත් අදාලයි. ඒ නිසාම අපි එක පැත්තකින් ජාතික ජන මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කරන්න අවධානය යොමු කරලා තියනවා. මේ මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කරන්න හදන්නේ ආණ්ඩුව විසින් නොවෙයි. ආණ්ඩුව පහසුකම් සපයනවා විතරයි. මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන, පුද්ගලයින් සහ ප්‍රවීනයන්ගෙන් තමයි මේ මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් වෙන්නේ. එතැනදී මාධ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම සඳහා අපි දැඩි අවධානයක් යොමු කරලා තියනවා. තව මාස තුනක් ඇතුළත අපට මාධ්‍ය ප්‍රතිපත්තිය එළි දක්වන්න අවස්ථාව ලැබේවි.”

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“අනික් පැත්තෙන් අපි කියපු ආචාර ධර්ම සංග්‍රහය. ජනමාධ්‍ය සම්බන්ධව කටයුතු කිරීමේ දි රජයේ ප්‍රතිපත්තිය රජය ජනමාධ්‍ය නියාමනය නොවෙයි. ජනමාධ්‍ය එක්ක කරන විධිමත් මෙන්ම අවබෝධාත්මක සාකච්ඡාවකින් එකඟතාවයකින් කටයුතු කිරීම. අපි නීති පැනවීමට වඩා මාධ්‍ය ක්ෂේත්‍රයත් එක්ක සාකච්ඡා කරමින් තමයි මේ ගමන යන්න බලාපොරොත්තු වෙන්නේ. රටේ පොදු නීතියට එපිටින් කටයුතු කරනවා නම් ඒකට අදාල නීතිය මගින් කටයුතු කරාවි. ”

“අපි බලාපොරොත්තු වෙනවා තරගකාරී ලෝකය ඇතුළෙ වුනත් ජනමාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් සමාජ වගකීම පිලිබඳ හොඳ අවබෝධයකින් කටයුතු කරාවි කියලා. ඒ ඔස්සේ තමයි මේ කටයුතු ඉදිරියට ගෙනියන්නේ. ”

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියල්ලම සහභාගී කරගෙන තමයි ජනමාධ්‍ය සම්බන්ධව යම් පනතක් උනත් ගෙනෙන්නේ…  ජනමාධ්‍ය සම්බන්ධ අපි හදන ආචාරධර්ම පද්ධතියක් පනතක් වැනි ඕනෑම දෙයක දී ක්ෂේත්‍රයේ අයත් එක්ක ඉතාම පුලුල් සාකච්ඡාවකින් අනතුරුවයි අපි එය කරන්නේ. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු 05කට පසු පොලිසියේ පහළ ශ්‍රේණිවලට උසස්වීම්… ඉදිරි මාස තුන තුළ සැරයන් තනතුරු 5000ක් සහ පරීක්ෂක ශ්‍රේණිවල තනතුරු 1500ක්…

Next Post

ජ’පුර විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය යළි රිමාන්ඩ්… ගෝලයො දෙන්නාට ඇප….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.