කොළඹ ජාතික රෝහල අවට පෞද්ගලික රෝහල් කීපයක්ම MRI පරික්ෂණයන් සඳහා රෝගීන්ව යොමුකරවා ගැනීමට කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන්වෙත වට්ටම් සඳහන් කළ වවුචර්පත් නිකුත් කර ඇතැයි වාර්තාවේ.
ඇතැම් වවුචර්පත්වල වට්ටම සියයට 50ක් දක්වාද සඳහන් කර ඇතැයි ජාතික රෝහල් ප්‍රකාශකයෙක් ලංකාසර වෙත පැවසුවේය.
මෙසේ වට්ටම් සහිත වවුචර්පත් නිකුත් කිරීමට හේතුව වී ඇත්තේ කොළඹ ජාතික රෝහල තුළ පවතින MRI යන්ත්‍ර 4න් 2ක් මුළුමනින්ම බිඳ වැටී ඇති අතර අපස්මාර ඒකකයේ තිබෙන යන්ත්‍රයත් අර්ධ ක්‍රියාකාරි තත්වයට පත්වීම හේතුවෙන් සිදුකරන පරික්ෂණ ප්‍රමාණය සීමා වී රෝගීන්ට පරික්ෂණ පුද්ගලික රෝහල්වලින් සිදුකර ගැනීමට සිදුවී තිබීම නිසාය.
පෞද්ගලික රෝහල් තුළ සිදුකරන MRI පරික්ෂණයන් හී වාර්තා කිරීම සිදුකරනුයේ කොළඹ ජාතික රෝහලේ සහ අවට රෝහල් කීපයක විශේෂඥ වෛද්‍යවරුන් වීමද බරපතල කරුණක් යැයි එම ප්‍රකාශකා පැවසුවේය.
රජයේ රෝහල්වල පරික්ෂණ නොකෙරුණද වැටුප් සහ දීමනා සාමාන්‍ය පරිදි ලබා ගන්නා විශේෂඥ වෛද්‍යවරුන් පුද්ගලික රෝහල් මගින් සිදුකරන මෙම පරික්ෂණ සඳහා අමතර ආදායමක් ලබා ගන්නා බව වාර්තාවේ.
මෙම යන්ත්‍ර බිදවැටීමට පෙර පවා මාස 2ක පමණ කාලයක් පුරා සිදුකරන MRI පරික්ෂණ ප්‍රමාණය සීමා කිරිමට විශේෂඥ වෛද්‍යවරු කිපදෙනෙකෙකුගේ අවශ්‍යතාව මත සිදුකරතිබු බැවින් පරික්ෂණ සදහා දින ලබා ගත් රෝගීන්ගේ පරික්ෂණ සිදුකිරීමද කල් දමා ඇති බව වාර්තා වේ.
මාස කීපයක් පුරා පැවති මෙම තත්වය හේතුවෙන් ඉතා විශාල රෝගීන් ප්‍රමාණයක් පුද්ගලික රෝහල්වලන් පරික්ෂණ සිදුකර ගැනීමට බලා සිටින බවද පැවසේ.
කොළඹ ජාතික රෝහලේ ජාලගත පද්ධතිය ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය දූෂණ සහිත යැයි පවසමින් ඒ පිලිබඳව විමර්ෂණයන් ආරම්භ කර ඇති පසුබිමක අදාල පද්ධතිය ස්ථාපිත කළ සමාගමට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ගෙවි යුතු ඩොලර් මිලියන 3ක මුදල ගෙවීමට අපොහොසත් වී ඇති බැවින් එම පද්තිය අක්‍රිය කිරීමට අදාල සමාගම කටයුතු කර ඇත.
තොරුතුරු ජාලගත කිරීමේ පද්ධතිය බිඳවැටීම හේතුවෙන් පරික්ෂණ සිදුකළ නොහැකි යැයි ප්‍රකාශ කළද පුද්ගලික රෝහල් වල මෙවැනි ජාලගත කිරීමේ පද්ධතියක් නොමැතිව පරික්ෂණ සිදුකිරිම සඳහා අදාල විශේෂඥ වෛද්‍යවරුන්ම සහභාගි වන බවට තොරතුරු වාර්තා වී ඇත.







