බැංකුවලට ඇප ලෙස පවරා තිබෙන දේපොළ පවරා ගැනීමේ බලය හිමිවන පරාටේ නීතිය ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට නැවත බලාත්මක කර තිබේ.
ඒ පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම වත්මන් ආණ්ඩුව විසින් මාස 3කට අත්හිටවූවීම නිමා වීමත් සමගය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට පෙර මාස 06ක කාලයකට එම නීතිය අත්හිටුවා තිබුණි.
අද බාලාත්මකවන පරාටේ නීතිය නිසා මෙරට කර්මාන්ත කඩා වැටෙන බව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඇතුළු ව්‍යාපාරිකයින් පෙන්වා දී තිබේ.
එම නිසා තවත් වසරක කාලයක් සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස ව්‍යාපාරිකයින් රජයෙන් ඉල්ලීමක් කර ඇත.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු උපුටා දක්වමින් අද දෙරණ වාර්තා කරන්නේ අදාළ ගැටලුවට තිරසර විසඳුමක් ලබාදීමේ අරමුණින් රජය කටයුතු කරමින් සිටින බවත් ඉදිරියේ දී බැංකු සහ සහ අදාළ පාර්ශව සමග සාකච්ඡා කිරීමට රජය බලාපොරොත්තු වන බවත්ය.







