කථා නායකවරයා පක්ෂග්‍රහී බව පවසමින් ඔහුට විරෝධය පා පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටවී ගිය විපක්ෂය නියෝජනය කරන පක්ෂ යළත් අද (17) දින සභා ගර්භයට නොපැමිණීමට තීරණය කර තිබේ.
කථානායකවරයාගේ පක්ෂක්ග්රාහී හැසිරීමට විරෝධය පළ කරමින් මන්ත්‍රීවරු අද උදේ වරුවේ සභාගර්භයෙන් පිටතට ගිය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.
සභා ගර්භයෙන් පිටවී ගිය විපක්ෂ මන්ත්‍රීවරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ දේශපාලන සාකච්ඡාවක් පවත්වා ඇති බවත් ඊට දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ, රාමනාදන් අර්ච්චුනා ඇතුළු කණ්ඩායමක් සහභාගී වී ඇති බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.
කෙසේ වෙතත් ආණඩු පක්ෂය ප්‍රකාශ කළේ විරෝධතා දැක්වීම සිදුවිය හැකි නමුත් මෙවැනි විරෝධතා දැක්වීමක් අතාර්කික බවත් ඊයේ සිදුවු බරපතල පරාජයෙන් පසු ලෝකයට මුහුණදීමට බැරි වූ විපක්ෂය අතාර්කික හේතු මවාගෙන සභා ගර්භයෙන් පිටවී ඇති බවත්ය.







