පළාත් පාලන ඡන්ද වීම සීමේ ප්‍රති ඵලවලට අනුව කිසිම පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතර බලයක් හිමිව නොමැති කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද කොළඹ නගර ශාලාවේ දී පැවැත්වේ.
ඊට අදාළ ගැසට් නිවේදනය පළාත් පාලන කොමසාරිස්වරිය විසින් පසුගියදා නිකුත් කළේය. මංගල සැසියේ ප්රමුඛ කාර්යය ලෙස නව නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සිදුවන්නේය. අද පත්වනු ඇත්තේ කොළඹ නගර සභාවේ 27වැනි පුරපතිවරයා ය.
ජාතික ජන බලවේගයෙන් පුරපති ධුරයට නම් කර ඇත්තේ කණ්ඩායම් නායක ව්‍රායි කැලී බල්තසාර් ය. නියෝජ්‍ය පුර පති ධුර යට හේමන්ත විජේ කෝන් ඉදිරිපත් කර ඇත. සමගි ජන බලවේගයෙන් පුර පති ධුර යට රීසා සරුක් ඉදිරිපත් කර තිබේ.
ඉකුත් පළාත් පාලන මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට සභික ධුර 48ක්, සමගි ජන බලවේගයට සභික ධුර 2ක්, එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 13ක්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සභික ධුර 05ක් හිමිව තිබිණි.
එසේම, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සභික ධුර 04ක්, ස්වාධීන කණ්ඩායම් අංක 03ට සභික ධුර 03ක්, සර්ව ජන බලයට සභික ධුර 02ක්, එක්සත් සාම සන්ධානයට සභික ධුර 02ක් ලැබී තිබුණි. ස්වාධීන කණ්ඩායම් අංක 04 සහ 05ට සභික ධුර දෙක බැගින් 04ක් හිමිවිය.
ඊට අමතරව එක්සත් ජනරජ පෙරමුණ, ජාතික ජනතා පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය, ස්වාධීන කණ්ඩායම් අංක 01 සහ ස්වාධීන කණ්ඩායම් අංක 02ට එක් සභික ධුරය බැගින් හිමිවිය.
කෙසේ වෙතත්, සභික ධුර 117කින් සමන්විත කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීම සඳහා කිසියම් පක්ෂයකට සභික ධුර 59ක් අවශ්‍ය කෙරේ.







