ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දුගේ වැඩ තහනම් කර තිබේ.
උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සමන්ත ජයලත් සඳහන් කළේ පරීක්ෂණයකට යටත්ව වැඩ තහනම් කළ බවය.
උතුරුමැද පළාත් සභාව විසින් සිදුකළ වාහන වෙන්දේසියක් සම්බන්ධයෙන් ඔහු කළ සාවද්‍ය ප්‍රකාශයක් සම්බන්ධව මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක වන බවත් එම විමර්ශනයට යටත්ව ඔහුගේ සේවය අත්හිටවූ බවත් උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේය.







