ශ්‍රියානි විජේසිංහ –
ගර්භනි මවකට චිකන්ගුන්යා වෛසරය ශරීර ගත වුවහොත් එය දරුගැබ ගබ්සාවීමක්, හෝ කුස තුළ දරුවා මියයෑමක් හෝ දක්වා වර්ධනය විය හැකි බැවින් ගර්භනී මව්වරුන් මේ දිනවල වඩාත් කල්පනාකාරී විය යුතු බව සොයිසා කාන්තා රෝහලේ නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂ ප්රබෝදන රණවීර සඳහන් කරයි.
මවට රෝගකාරක වෛරසය ඇතුළු වී රෝග ලක්ෂණ පහළ වීමට දින 2ට පෙර හෝ දින 7ක් ඇතුළත දරුවා බිහි වුවහොත් වෛරසයෙන් දරුවාට සිදුවන බලපෑම ඉතා ඉහළ බව විශේෂඥවරයා පෙන්වාදේ.
එය සියයට 50ක් දරුවන්ට බලපෑම් අතිකරන බවත් එය මොළයේ ආසාදන තත්වයන් ඇති කිරීමක් විය හැකි බවත් හෙතෙම පෙන්වාදේ.
මවට ඇතුලුවන වෛරසය වැදෑමහ හරහා දරුවාට ඇතුළු වන බැවින් එය සියයට 50ක් දරුවන්ට මොළයට බලපෑම් ඇතිකරන ආසාදනයන් විය හැකි බවත් හෙතෙම පෙන්වාදේ.
ඇතැම් අවස්ථාවන් වලදී චිකන්ගුන්යා වෛරසය ශරීර ගත වුවද මවට කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව පෙකනිවැල හරහා දරුවාට ආසාදනය වූ සිද්දීන් දෙකක් මේ වන විට වාර්තා වී ඇති බවත් දරුවාගේ යම් යම් පරික්ෂණ කටයුතුවලදි කරන ලද සොයා බැලීමේදී චිකන්ගුන්යා වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවිනැයිද විශේෂඥවරයා පවසා සිටියි.
කෙසේ නමුත් වෛසරය ආසාදනය වීමෙන් මවගේ ජීවිතයට බරපතල හැනි ඇති නොවන නමුත් දරුවන්ට සිදුවන බලපෑම් කළමණාකරණය කර ගැනීමට වෛද්‍යවරුන් හැකියාව පවතින බැවින් මේ පිලිබඳව අනවශ්‍ය ලෙස බිය විය යුතු නැතැයි ද වෛද්‍ය ප්රමෝදන රණවීර පවසයි.







