මනම්පිටිය නිමල් ජයරත්න –
ශ්‍රී ලංකාවේ ,සුප්‍රසිද්ධ, මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකයින් තිදෙනකු වන ඩඩිලි සිරිසේන, සිරිපාල ගම්ලත්, සහ මිත්‍රපාල ලංකේෂ්වර අද (11 ) දහවල් එකට දන්සැල් වැන්දේය.
දන්සල පොළොන්නරුවේය. මූල්‍ය දායකත්වය ඩඩ්ලි සිරිසේනගෙන්ය. දන්සල් දුන්නේ කීරි සම්බා ෆ්‍රයිඩ් රයිස් ය.
ඒ දන්සල ලේසි පාසු නැත. දින දෙකක් පුරාවට පැවැත්වෙන ෆ්‍රයිඩ් රයිස් දන්සල විවෘත වුනේ ඊයේ දිනයේය. විවෘත කරන අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන,කථානායක ජගත් වික්‍රමරත්න නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රත්නසිරි, පද්මසිරි බණ්ඩාර ඇතුළු දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු එක්වූහ.

එකවර හයසියයකට අසුන්ගෙන ආහාර ලබාගත හැකි මෙම දන්සල විවෘත කරන වෙලාවේ අනුශාසනා කරන්නට සොළොස්මස්ථානාධිපති වෙඩරුවේ උපාලි නායක ස්වාමීන් වහන්සේ ද වැඩියහ.







