දිනසේන රතුගමගේ –
යාපනය ශීක්ෂණ රෝහලේ අක්ෂි ඒකකය විසින් වවුනියාව විශ්ව විද්‍යාලය තුළ පවත්වන ලද විශේෂ අක්ෂි සායනයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරු සිසුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල පිරිසෙන් 51.4% ක පමණ විවිධ අක්ෂි රෝගාබාධවලට ගොදුරු වී සිටින බව අනාවරණය වී තිබේ.
යාපනය ශීක්ෂණ රෝහලේ අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය එම්. මලරවනගේ ප්‍රධානත්වයෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම අක්ෂි සායනය පවත්වන ලදී.
එම අක්ෂි සායනයේදී අක්ෂි රෝග පෙන්නුම් කළ සියලුම දෙනාට විශේෂ ක්‍රමවේදයක් ඔස්සේ එම රෝග වලට ප්‍රතිකාර ලබා දීමේ වැඩ සටහනක් මේ වන විට ආරම්භ කොට ඇත.








