වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් හැර ඉතිරි සංගම් 04 අද (07) උදෑසන 8.00ට සිය වැඩවර්ජනය අවසන් කර තිබේ.
සංගම් 5ක් ඒකාබද්ධව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කර තිබූ වැඩවර්ජනයෙන් සංගම් 04ක් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය නිවේදනය කර ඇත.
එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ මෙම වර්ජනයෙන් රෝගීන්ට වන අපහසුතාව සැලකිල්ලට ගනිමින් වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කළ බවය.
සම සෞඛ්‍ය ගැටලුව, උසස්වීම් ප්‍රමාදය, වැටුප් විෂමතා ඇතුළු කරුණු 5ක් මුල්කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පෙරේදා (05) උදෑසන 8ට එක්දින වැඩ වර්ජනයක් දියත් කර තිබුණි.
මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්වුවද වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට වර්ජකයින් තීරණය කළේ අදාළ ගැටලු විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත් නොවන නිසා බව වර්ජකයෝ කීහ.







