ව්‍යාජ හිසකෙස් වර්ණක බෙදාහරින ලද ව්‍යාපාරිකයෙකුට බරපතල වැඩ සහිත මාස 6 ක සිර දඬුවමක් නිමය කර එය වසර 5 කට අත්හිටුවීමට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ඒ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව පසුගිය අප්‍රේල් මස සිදුකරන ලද විමර්ශනයකදී ව්‍යාජ ලෙස නිෂ්පාදිත Amin’s හිසකෙස් වර්ණක ග්‍රෑම් 10 බැගින් වන ඇසුරුම් ගබඩාකිරීම හා බෙදාහැරීම සිදුකරන ලද වැල්ලම්පිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට සහ එම භාණ්ඩ අලෙවිය සදහා ගබඩා කරන ලද පිටකොටුව ප්‍රදේශයේ වෙළදසැලකට එරෙහිව පාරිභෝගික සේවා අධිකාරිය පවරා තිබූ නඩුව ඊයේ (03) දින මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විමසූ අසවස්ථාවේදී ය.
එහිදී, අලෙවිය සදහා ගබඩාකිරීම සිදුකරන ලද වැල්ලම්පිටිය පදිංචි පුද්ගලයෙක් සහ බෙදාහැරීම සිදුකරන ලද කොළඹ 14 පදිංචි පුද්ගලයෙක් අධිකරණය ඉදිරියේ වරද පිළිගැනීමෙන් පසුව චෝදනා 4 ක් සදහා රුපියල් 7,500 බැගින් රුපියල් 30,000 ක දඩ මුදලක් අධිකරණය විසින් පැනවූයේය.
තවද, අදාල නිෂ්පාදන විකිණීම සදහා බෙදාහැරීම සිදුකරන ලද කොළඹ 14 පදිංචි පුද්ගලයෙකුට ඉහත දඩ මුදලට අමතරව බරපතල වැඩ සහිතව මාස 6 ක සිර දඩුවම් නියමකළ අධිකරණය එම සිර දඩුවම වසර 5 කට අත්හිටුවන ලදී.
එමෙන්ම, අදාල භාණ්ඩ අලෙවිය සදහා ගබඩාකරන ලද කොළඹ 12, පිහිටි අයාතනයකට ද අදාල වරද පිළිගැනීමෙන් පසුව රුපියල් 7,500 ක දඩ මුදලක් අධිකරණය විසින් නියම කළේය.
මෙම හිසකෙස් වර්ණක වෙළදනාමය සදහා නීතිමය අයිතිය ඇති ආයතනය විසින් ග්‍රෑම් 21 බැගින්වන ඇසුරුම් ලෙස තම නිෂ්පාදන වෙළදපොලට නිකුත්කරනු ලබයි. එහෙයින් තරග විරෝධී ලෙස සහ පාරිභෝගිකයා නොමග යවමින් සත්‍ය නිෂ්පාදකයාගේ තොරතුරුද සහිතව ව්‍යාජ නිෂ්පාදකයා විසින් වෙළදපොලට නිකුත්කර තිබෙන ග්‍රෑම් 10 බැගින්වන ඇසුරුම් වෙළෙඳපොලේ අලෙවිකිරීමට තිබේනම් ඒවා ඉවත්කරගන්නා ලෙසත් තවදුරටත් එවැනි ව්‍යාජ නිෂ්පාදන අලෙවිකරණ වෙළදුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් පාරිභෝගික සේවා අධිකාරිය දන්වා සිටී.







