ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක දසුන් ශානක වසරකට පසු යළි ශ්‍රී ලංකා විස්සයි20 පිලට එක්කර ගැනීමට ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.
මේ මස මැදදී ආරම්භවන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියේ විස්සයි20 සංචිතයට දසුන් ශානක කැඳවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග උපුටා දක්වමින් දිනමිණ පුවත්පත වාර්තා කර තිබේ.
අශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 තරග 102කට සහභාගිවූ 33 හැවිරිදි දසුන් ශානක එක්දින තරග 71කට සහභාගිවී ඇති අත්දැකීම් බහුල තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. ඔහු මෙවර අයිපීඑල් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ද එක්ව සිටියේය. ආබාධයකට ලක්වූ ග්ලේන් පිලිප්ස් වෙනුවට ආදේශක ක්‍රීඩකයා ලෙස දසුන් ශානක එම කණ්ඩායමට එක් විය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී දස්කම් දක්වා ඇත.







