බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

Asia Gaming Awards සම්මාන උළෙලේදී Bally’s Colombo “Best Gaming Property of the Year” සම්මානයෙන් පිදුම් ලබයි

by Lanka Sara Editor
ජූනි 2, 2025 - Updated on ජූනි 3, 2025
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

මෙරට කැසිනෝ ක්‍රීඩා සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Bally’s Colombo පිලිපීනයේ මැනිලා නුවරදී පැවති Asia Gaming Awards 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම කැසිනෝ ක්‍රීඩා මධ්‍යස්ථානය (Best Gaming Property of the Year) සම්මානයෙන් පිදුම් ලැබුවේය. දශක ගණනාවක් පුරා මෙරට කැසිනෝ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින එම ආයතනය මෙම සුවිශේෂ ජයග්‍රහණයත් සමඟ ගෝලීය කැසිනෝ ක්‍රීඩා ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවෙකු බවට පත් වී තිබේ. සුඛෝපභෝගී කැසිනෝ ක්‍රීඩා, විනෝදාස්වාදය සහ ගෝලීය ප්‍රමිති අනුව සපයන සේවා පිළිබඳව උනන්දුවක් දක්වන්නන් අතර ශ්‍රී ලංකාව ජනප්‍රිය ගමනාන්තයක් බවට පත් වීමට මෙය හේතු වනු ඇත.

ක්ෂේත්‍රයේ වඩාත් කතා බහට ලක් වන කීර්තිමත් සම්මාන උළෙලක් වන Asia Gaming Awards සම්මාන උළෙලේදී නව්‍යකරණය, පාරිභෝගික සේවා සහ මෙහෙයුම් සාර්ථකත්වය වැනි අංශ රැසක් යටතේ සමාගම් ඇගැයීමට ලක් කෙරේ. එවැනි සම්මාන උළෙලකදී විශිෂ්ටම කැසිනෝ ක්‍රීඩා මධ්‍යස්ථානය ලෙස සම්මානයට පාත්‍ර වීම තුළින් මෙරට කැසිනෝ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ නව මානයන් සනිටුහන් කිරීමටත්, කළාපීය වශයෙන් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු බවට පත් වීමටත් Bally’s Colombo සතු හැකියාව යළි තහවුරු වී ඇත. කැසිනෝ ක්‍රීඩා ක්ෂේත්‍රය ගෝලීය වශයෙන් අතිශයින් තරගකාරී ක්ෂේත්‍රයක් බවට පත් වෙමින් ඇති පසුබිමක මෙවැනි සම්මානයක් දිනා ගැනීමට ලැබීම සුවිශේෂ සිදුවීමකි. ආරම්භයේ පටන් මෙරට කැසිනෝ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනස්කම් රැසක් කර ඇති Bally’s Colombo සෑම විටම නව්‍යකරණය, ක්‍රීඩාවේ සාධාරණත්වය සහ විශිෂ්ට පාරිභෝගික සේවය යන අංශවලට ප්‍රමුඛතාව දී තිබේ. ප්‍රමාණවත් ඉඩ පහසුකම්, උසස් තත්ත්වයේ පෝකර් කාමර, ගෝලීය ප්‍රමිතිවලට අනුකූල විනෝදාස්වාද පහසුකම් වැනි සියලු පහසුකම්වලින් සමන්විත වන සිය ආයතනය තුළදී සෑම අමුත්තෙකුම ඉතා වැදගත් පුද්ගලයන් (VIP) ලෙස සළකා සත්කාර කිරීම එම ආයතනයේ ප්‍රමුඛ අරමුණයි. ඒ ඒ පාරිභෝගිකයාගේ අවශ්‍යතා මැනවින් හඳුනා ගනිමින් ඔවුන්ට අවශ්‍ය සේවා සැපයීම තවත් සුවිශේෂ ලක්ෂණයකි. ආයතනය තුළට පිවිසෙන මොහොතේ පටන් සෑම අමුත්තෙකුම ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා Bally’s Colombo ලෝකයේ ඉහළ පෙළේ කැසිනෝ ක්‍රීඩා මධ්‍යස්ථානයකදී ලැබිය හැකි අත්දැකීමට නොදෙවැනි අත්දැකීමක් ඔවුන්ට සැපැයීමට වග බලා ගනී.

Bally’s Colombo සමාගමේ සභාපති අනුරාධ පෙරේරා, ප්‍රධාන මානව සම්පත් නිලධාරී රාහුල් අත්තනායක, ප්‍රධාන විධායක නිලධාරී ටෝනි මැක්මිලන්, නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරුන් වන කමල් ජයරත්න සහ තුෂාර කුලතුංග ඇතුළු ඉහළ කළමනාකාරිත්වය සමාගමේ සාර්ථකත්වය වෙනුවෙන් සුවිශේෂ දායකත්වයක් දක්වා තිබේ. ඔවුන්ගේ නායකත්වය යටතේ එම සමාගම අඛණ්ඩව සිය ව්‍යාපාර සහ සේවා වපසරිය පුළුල් කර ඇත. රාහුල් අත්තනායක අනෙකුත් ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන්ගේද සහාය ඇතිව විශිෂ්ටත්වයෙන් සහ වෘත්තීයභාවයෙන් සපිරි ආයතනික සංස්කෘතියක් නිර්මාණය කර තිබේ. Bally’s Colombo සමාගමේ කාර්ය මණ්ඩලයද මෙම ජයග්‍රහණය ඇතුළු ආයතනයේ සාර්ථකත්වය උදෙසා විශාල දායකත්වයක් දක්වා ඇත. ක්‍රීඩා මේස තැරැව්කරුවන්ගේ පටන් මෙහෙයුම් කටයුතු අධීක්ෂණය කරන කළමනාකරුවන් දක්වා සෑම මට්ටමකම කාර්ය මණ්ඩල සාමාජිකයෝ අමුත්තන්ට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් ගෙන දෙති. විශිෂ්ටම කැසිනෝ ක්‍රීඩා මධ්‍යස්ථානය ලෙස සම්මානයට පාත්‍ර වීම වෙනුවෙන් පැවැත්වුණු සැමරුම් උත්සවයේදී ඔවුන්ගේ කැපවීමද අගය කරන ලදී. සිය සේවා තව දුරටත් පුළුල් කරමින් ගෝලීය කැසිනෝ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් ඇති කිරීම එම ආයතනයේ අපේක්ෂාවයි. මෙම ජයග්‍රහණය රටක් වශයෙන් ශ්‍රී ලංකාවටද සුවිශේෂ සන්ධිස්ථානයකි. සුඛෝපභෝගී කැසිනෝ ක්‍රීඩා අත්දැකීමක් අපේක්ෂාවෙන් මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් ඇති පසුබිමක මෙම ජයග්‍රහණය සමඟ ආසියානු කළාපය තුළ මෙන්ම ඉන් ඔබ්බටත් Bally’s Colombo සන්නාමය ප්‍රචලිත වනු ඇත. එය මෙරට සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Share69Tweet43
Previous Post

බැංකොක් නුවර පතායා හිදී ලිංගික ගනුදෙනුවක් කතා කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකුට සංක්‍රාන්තික ලිංගික කාන්තාවකගෙන් ලේ විසිවෙන ප්‍රහාරයක්…

Next Post

ජාතික බදු සතිය අදින් ඇරඹේ…

Related Posts

rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026
පුවත්

විදේශ විනිමය වෙළඳපොළ ශක්තිමත් කරන්න අවශ්‍ය දේශපාලන පණිවිඩ නොවෙයි… විශ්වාසයයි… ඩොලරය 375 පනින අනතුරක්  හර්ෂ පෙන්වයි!

මැයි 21, 2026
rupee
පුවත්

 2026 මැයි මාසයේදී ආසියාවේ වැඩිම අගය පිරිහුණු මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල යි… බ්ලූම්බර්ග් වාර්තා කරයි!

මැයි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.