බැංකොක් නගරයේ ශ්‍රී ලාංකික සංචාරකයෙක් සංක්‍රාන්තික ලිංගික කාන්තාවකගෙන් පහර කෑමකට ලක් වී තුවාල සිදුකිරීමක් පිළිබඳ බැංකොක් පෝස්ට් වාර්තා කර තිබේ.
මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ ඊයේ (31) රාත්‍රියේ දී ය. සංක්‍රාන්ති ලිංගික කාන්තාව සිය අඩි උස සපත්තුවෙන් කීප වාරයක් පහර දීම නිසා සේපාල නමින් හඳුනාගෙන ඇති මෙම සංචාරකයාගේ හිස ප්‍රදේශයට තුවාල සිදුවී තිබුණු බව එම වාර්තාවේ සඳහන්ව ඇත.
මෙම කාන්තාව සහ සංචාරකයා අතර ගැටුම ඇති වී තිබෙන්නේ කාන්තාවගේ ලිංගික අනන්‍යයතාවය තහවුරු කරගැනීම සඳහා ඇයගේ රහස් ප්‍රදේශය දෙවරක් ස්ඵර්ෂ කිරීමෙන් අනතුරුව ගනුදෙනුව අවලංගු කිරීමට ගනුදෙනු කරු ගත් තීන්දුව නිසා බව අනාවරණය වී ඇත.
ආරවුල ගැන සැල වූ වහාම රාත්‍රී 10.30 ට පමණ පොලිසිය සහ සවාන්ග්බොරිබුල් පදනමේ ගලවා ගැනීමේ නිලධාරීන් පතායා වෙරළ පාරේ සෝයි 13/3 ස්ථානය වෙත කැඳවා තිබිණි.
ඔවුන් එම ස්ථානයට යන විටත් සේපාල ලෙස පමණක් හඳුනාගෙන ඇති 54 හැවිරිදි ශ්‍රී ලාංකික පිරිමියෙකු හිසෙන් ලේ ගලමින් සිටිනු ඔවුන් දැක ඇත. වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය දෙපාර්ශවයම මුවාං පතායා පොලිස් ස්ථානයට ගෙනගොස් ඇත්තේ සේපාල නැමැති ශ්‍රී ලාංකිකයට එම ස්ථානයේදීම ප්‍රතිකාර කිරීමෙන් පසුය.
චෝදනා එල්ල වූ ප්‍රහාරකයා, වයස අවුරුදු 29 ක් වන මින්ට්‍රාන් බුරාන් නැමැති සංක්‍රාන්ති ලිංගික කාන්තාවකි., ශ්‍රී ලාංකික සංචාරකයාගේ හිසට අඩි උස සපත්තුවකින් කිහිප වතාවක් පහර දුන් බව ඇය පිළිගෙන ඇත.
ඇගේ ප්‍රකාශයට අනුව, සංචාරකයා ඇය වෙත පැමිණි අතර ඇය ඔහුට පැවසුවේ ඇගේ සේවා මිල බාට් 2,000 ක් බවයි. පසුව ඇය ජීව විද්‍යාත්මක කාන්තාවක් දැයි තහවුරු කර ගැනීම සඳහා ඔහු ඇගේ ලිංගික අවයව ස්පර්ශ කරන්නට අවසර ඉල්ලා ඇත.
“මම එයාට එක පාරක් අල්ලන්න දුන්නා. නමුත් එයා ආයෙත් සල්ලි නොදී මාව අල්ලපු වෙලාවේ, මම කලබල වුණා, ඒ වගේම ආරවුලක් ඇති වුණා,” මින්ට්‍රාන් කීවාය.
“මම එයාගේ කමිසයේ කරපටියෙන් අල්ලගත්තා, එයා මගේ එක ඇද්දා, ඒකෙන් මගේ පපුවේ සීරීමක් ඇති වුණා. මම තරහ ගිහින් අඩි උස සපත්තුවකින් එයාගේ ඔළුවට හතර පස් වතාවක් ගැහුවා.”
අවිනිශ්චිතභාවය නිසා මින්ට්රන්ගේ ලිංගභේදය තහවුරු කර ගැනීමට පමණක් අවශ්‍ය වූ නමුත් ඔහුගේ “සමීප ස්පර්ශය” ඔහුට ඒත්තු ගැන්වූ පසු ඉදිරියට නොයෑමට තීරණය කළ බව ශ්‍රී ලාංකිකයා පොලිසියට පවසා ඇත.
“මම ගනුදෙනුව අවලංගු කර යන්න හැදුවා, නමුත් ඒ පුද්ගලයා මගේ කමිසයේ කරපටියෙන් පිටුපසින් ඇදලා අඩි උස සපත්තුවෙන් මට ගැහුවා,” ශ්‍රී ලාංකික සංචාරකයා පැවසූ බව බංකොක් පෝස්ට් වාර්තා කර තිබේ.







