දකුණු මුහුදේ දී අත් අඩංගුවට ගැනුන යාත්‍රා දෙකේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 600කට අධික ප්‍රමාණයක් ඇති බව නාවික හමුදාව පවසයි.
දකුණු මුහුදේ ඊයේ කළ මෙහෙයුමක දී නාවික හමුදාව යටතට මෙම යාත්‍රාව ගැනුණි අතර ඒවායේ සිටි 11 දෙනෙක් සැක පිට අත් අඩංගුවට ගැනුණි. යාත්‍රා සමග සැකකරුවන් දික්ඕවිට වරායට රැගෙන ආවේ අද (28) පෙරවරුවේදී ය.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජරනරාල් අරුණ ජයසේකර, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ සහ වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය එහි පැමිණ සිටියහ.
මෙම මෙහෙයුම සඳහා රාජ්‍ය බුද්ධි සේවා වගේම යුද ගුවන් නාවික සේවාවන් වගේම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ මෙම කලාපයේ මත්ද්‍රව්‍ය නාශයක මෙහෙයුම් කාර්යාංශය සම්බන්ධීකරණ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සම්බන්ධීකරණයෙන් නාවික හමුදාව මෙම විශ්වාසනීය තොරතුරු මත සැලසුම් කරලා තමයි මෙම ක්‍රියාන්විතය සිද්ධ කළේ. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
මත්ද්‍ර තොගයේ නිශ්චිත බර ගණනය කිරීම තව දුරටත් සිදුකරමින් ඇත.







