හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල් වූ තුසිත හල්ලොලුවගේ මෝටර් රථයට වෙඩි ප්රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැක කරුවන් තුන්දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබුණේ මහරගමදී ය.
ඊයේ (24) කොළඹ මහේස්ත්රාත් අධිකරණයට මෙම සැකකරුවන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
ලොතරුයි මණ්ඩලයේ හිටපු ක්රියාකාරී අධ්යක්ෂවරයෙක් ද වූ තුසිත හල්ලොලුවගේ මෝටර් රථයට වෙඩි ප්රහාරයක් එල්ල වූයේ පසුගිය 17 වැනිදා රාත්රියේය.
ඒ අවස්ථාවේ දී තුසිත හල්ලොලුව සතුව තිබූ වැදගත් ලිපි ගොනුවක් ද සැකකරුවන් විසින් රැගෙන ගොස් තිබුණු බව පොලිසිය ප්රකාශ කළේය. එම අවස්ථාවේ දී තුසිත හල්ලොලුවගේ නීතිඥවරයා වූ දිනේෂ් දොඩම්ගොඩ ද එම රථයේ ගමන් කරමින් සිට තිබිණි.
වෙඩි ප්රහාරයෙන් කිසිම අයෙකුට හානියක් සිදුවී තිබුණේ නැත.







