පළාත් පාලන මැතිවරණය අවසන් වීමෙන් අනතුරුව පක්ෂ මහලේකම් ඇතුළු කමිටුවක් වෙත ආසන සංවිධායකවරුන් ගෙන්වා, එම කමිටුව ඉදිරිපත් කළ නිර්දේශ අනුව ඔවුන් විසින් පළාත් පාලන නියෝජිතයින් තෝරාගත් පසු, පක්ෂයේ ඉහළ පෙළේ නායකයින් එම සභික ධූර ඊයේ (24) හිටි හැටියේ වෙනස් කිරීම නිසා පක්ෂය තුළ ඇතිවී තිබෙන ව්‍යාකූලත්වය සම්න්ධයෙන් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න සිය කනස්සල්ල ප්‍රකාශ කර තිබේ.
ආසන සංවිධායකවරු පවසා ඇත්තේ ආසනවල පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් තොරා ගැනීමේ දී එම මන්ත්‍රීවරුන් පක්ෂයට ඇති කැපවීම, ලබා ගත් ඡන්ද ප්‍රතිශතය, ලබා ගත් ඡන්ද ප්‍රමාණය, ඒ ඒ පළාත්වල මන්ත්‍රීවරුන් පත් කරගැනීමට ඇති සුදුසුකම කුමක් ද යන්න පිළිබඳව දීර්ඝ තක්සේරුවක් කළ බවය.
ඉන් අනතුරුව අපේක්ෂකයින් තෝරාගෙන කමිටුවේ නිර්දේශ මත ලයිස්තුව සකස් කර තෝරාගත් සභිකයින්ට කතා කිරීමෙනුත් පසු පක්ෂයේ නිලධාරී කණ්ඩායමක් ඒ සියල්ල වෙනස් කර තිබීම ගැටලු සහගත බව ද ඇය පෙන්වා දී ඇත.
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න සඳහන් කළේ ගැටලුව පක්ෂය තුළ සාකච්ඡා කර විසඳා ගැනීමට තමන් අපේක්ෂාවෙන් සිටින බවය.
මේ වනවිට මාතලේ ආසන සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, රත්තොට ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක රංජිත් අලුවිහාරේ, දඹුල්ල ආසන සංවිධායක නීතිඥ චම්පික විජේරත්න අද සිය ඉල්ලා අස්වීම් පක්ෂ නායකත්වය වෙත යොමු කර තිබිණි.







