සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙමළ ජන සංහාරක ස්මාරකය සම්බන්ධව කැනඩා රජයට දැඩි රාජ්‍ය තාන්ත්‍රික විරෝධය දැක්වූ හැටි ආරක්ෂක ඇමති පාර්ලිමේන්තුවට කියයි!

by editor
මැයි 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කැනඩා රජයේ බ්‍රැම්ප්ටන් දී දෙමළ ජන සංහාර ස්මාරකයක් විවෘත කිරීමට එරෙහිව රජය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් කැනඩා රජයට දැඩි විරෝධතාවය ප්‍රකාශ කළ බව ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (21) පාර්ලිමේන්තුවට දැන්වූයේය.

2025 මැයි මස 10 දින කැනඩාවේ බ්‍රැම්ප්ටන්හි දී දෙමළ ජන සංහාර ස්මාරකයක් විවෘත කිරීම සම්බන්ධව ජනාධිපතිවරයා ආරක්ෂක ඇමතිවරයා ලෙස සිදුකළ ප්‍රකාශය නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එම සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.

2025 මැයි මස 10 වැනි දින කැනඩාවේ බ්‍රැම්ප්ටන්හි දී දෙමළ ජන සංහාර ස්මාරකයක් නම් ස්මාරකය විවෘත කිරිම සම්බන්ධව මේ වනවිට ඔබ සැම දෙනාම දැනුම්වත්ව ඇති බව විශ්වාස කරමි.

ඔබ සියලු දෙනා තනි තනිව හො වෙන් වෙන් වශයෙන් මෙම සිදුවීම සම්බන්ධව කුමණ ආකාරයෙන් දැනුම්ත් වුවද ඔබ සියලු දෙනාගේ මතය කුමක් වුව ද ඔබ සියලු දෙනා කුමණ ආකාරයක අර්ථ නිරූපණයක් මේ සම්බන්ධව ලබා දුන්න ද වගකිවයුතු රජයක් වශයෙන් මහජනතාව වෙනුවෙන් මහජනතාවගේ බහුතර කැමැත්ත මත බලයට පත් රජයක් වශයෙන් මෙම සිදුවීම සම්බන්ධව මේ උත්තරීතර පාර්ලිමේන්තුව දැනුම්වත් කිරීම අපගේ වගකීම වශයෙන් සලකන බැවින් අද දින මෙම විශේෂ ප්‍රකාශය සිදුකරන බව මුලින්ම ප්‍රකාශ කරමි.

RelatedPosts

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ඒ අනුව 2025 මැයි මස 10 වැනි දින සිදුවු එකී ස්මාරකය විවෘත කිරීමේ කාර්ය සම්බන්ධව පසුගිය රජයන් මෙන්ම වර්තමාන රජය ද ගනු ලැබූ පියවරයන් කරනු ලැබු මැදිහත්වීම් සම්බන්ධව මෙම පාර්ලිමේන්තුව දැනුම්වත් කිරීම සදහා මම මෙය අවස්තාවක් කරගනිමි.

දෙමළ ජන සංහාර ස්මාරකය නමින් 2025.05.10 වැනි දින කැනඩාවේ බ්‍රැම්ප්ටන්හි දී විවෘත කරනු ලැබූ මෙම ස්මාරකය බ්‍රැක්ටන් නගරාධිපතිවරයා විසින් විවෘත කළ බවත්, එකී අවස්ථාවට තවත් නගරාධිපතිවරුන් කීප දෙනෙක් මෙන්ම කැනඩාවේ දේශපාලන පක්ෂ නියෝජනයක් සිදුව ඇති බවටවන තොරතුරු මේ වනවිට අපට ලැබී ඇත.

තත්ත්වය එසේ වුවද මෙය එක් දිනක එක් මසක සිදුවූ ක්‍රියාවක් සේ සැලකිය නොහැකි බව මේ සම්බන්ධව පසුබිම සොයා බැලීමේ දී පැහැදිලිව පෙනී යයි. ඒ අනුව මේ කාර්යයේ ආරම්භය 2021 දක්වා අතීතයට ගෙන යන අතර කැනඩාවේ ක්‍රියාත්මක දෙමළ සංවිධාන පාර්ශව දෙකක් විසින් මේ සම්බන්ධව එම වසරේ ක්‍රියාත්මක වී ඇත.

ඔවුන් විසින් දෙමළ ජන සංහාර ස්මාරක සංවිධානය නමින් සංවිධානයක් ඇති කර ක්‍රියාත්මක වීම අරඹා ඇති අතර බ්‍රැන්කටන් සිටි කවුන්සිල් මගින් 2021 වර්ෂයේ දී ඒ සම්බන්ධව මෝසම් දෙකක් සම්මත කරගෙන ඇති බව වාර්තා වීමත් සමගම අපගේ ටොරොන්ටෝහි පිහිටි කොන්සල් ජෙනරාල් කාර්යාලය විසින් ඒ සම්බන්ධව විරෝධතාවය එකී ප්‍රාන්ත රජයේ අන්තර් රාජ්‍ය සම්බන්ධතා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත.

පසුව 2023 වසරේ බ්‍රැම්ප්ටන් සිටි කවුන්සිල් මගින් ස්මාරකය ඉදිකිරීම සම්බන්ධව එම ව්‍යාපෘතිය සම්බන්ධව, එකී ස්මාරකය සැලසුම් කිරීම ස්ථාපිත කිරීම හා නඩත්තු කිරීම සම්බන්ධව සම්මතයන් ඇති කරගන්න ලද බවක් විශේෂයෙන්ම බ්‍රැම්ප්ටන් සිටි කවුන්සිලයට අයත් චිංගුස්ගු උද්‍යානයේ ඉඩම් කොටසක් ද වෙන් කර දී 2024 පෙබරවාරි මාසයේ දී එකී ව්‍යාපෘතිය අනුමත කර ඇති අතර 2024 අගෛාස්තු මස 14 වැනි දින ස්මාරකය සඳහාවන පදනම දමා ඇත.

මෙහිදී බ්‍රැම්ප්ටන් සිටි කවුන්සිලය මගින් ඉතා විශාල පරිපාලන සහ ආයතනික සහායක් මෙම කාර්යයට ලබා දී ඇති බව අනාවරණය වේ. මෙලෙස ඉඳිකිරීම් ආරම්භ කර ඇති ස්මාරකය විවෘත කිරීම පසුගිය 10 වැනි දින, එනම් 2025 මැයි මස 10වැනි දින සිදුකර ඇත.

2021 සට කැනඩාවේ බ්‍රැම්ප්ටන් සිටි කවුන්සිලයේ විශාල සහයෝගයක් සහිතව ඉදිකළ මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය විදේශ කටයුතු අමාත්‍යාංශ අපගේ කැනඩාවේ පිහිටි මහ කොමසාරිස් කාර්යාලය මෙන්ම කොන්සල් ජනරාල් කාර්යාලය ද වරින් වර කරුණු අනාවරණය කරමින් ඒ සම්බන්ධව ගත යුතු සහ ගැනීමට හැකියාව තිබෙන පියවරයන් මැදිහත්වීම් සහ විරෝධතා ප්‍රකාශ කිරීම් වැනි ක්‍රියා මාර්ගයන් 2021 වසරේ සිටම සිදුකර තිබෙන බව මේ අවස්ථාවේ එකී සියලු පාර්ශවයන්ට ගෞරවයක් වශයෙන් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

ඒ අතරට හිටපු විදේශ කටයුතු භාර අමාත්‍යවරුන්, හිටපු විදේශ අමාත්‍ය ලේකම්වරු, මහ කොමසාරිස් කාර්යාල සහ කොන්සල් ජෙනරාල් කාර්යාවල සේවය කරන හා සේවය කළ නිලධාරීන් ද අයත් වේ.

කෙසේ වුවද පසුගිය කාලය තුළ කුමන ආකාරයේ බලපෑම්, මැදිහත්වීම්, දැනුම් දීම් කළ ද 2025 මැයි මස එම ස්මාරකය විවෘත කිරීම කෙසේ හෝ ඔවුන් සිදුකරනු ලැබීය.

මේ තත්ත්වය තුළ ඉදිරියට තව දුරටත් මෙවැනි ක්‍රියා සිදුවීම වළක්වා ගැනීමත්, එවැනි ක්‍රියාවට ඇති ඉඩකඩ ඇහිරීමත් මේ වනවිට රජය වශයෙන් අපට පැවරී ඇති භාරදූර රාජකාරියකි.
එය වි‍ශේෂ වගකීමක් සේ සලකා ප්‍රතිපත්තියක් සේ සිදුකිරීමට   අපගේ රජය බැඳී සිටින බව ද පවසන්නේ වගකීමකිනි. ඒ අනුව මැයි 10 වැනි දින සිදුවීමත් සමගම අපගේ රජයේ ගරු විදේශ කටයුතු භාර අමාත්‍යවරයා විසින් ගනු ලැබූ පියවරයන් සම්බන්ධව මේ ගරු සභාවට දැනුම් දීමට කැමැත්තෙමි.

ඒ අනුව ගරු විදේශ කටයුතු අමත්‍යවරයා ශ්‍රී ලංකාවේ සිටින කැනඩා මහ කොමසාරිස්වරයා විදේශ කටයුතු අමාත්‍යංශයේ දී හමුවී ශ්‍රී ලංකාවේ පැවති යුද ගැටුම්වල අවසාන අදියරේ දී ජන සංහාරයක් සිදුකළ බවට එල්ල කළ චෝදනාව ජාතික හෝ ජත්‍යාන්තර වශයෙන් කිසිම විශ්වාසනීය අධිකාරියක් විසින් සනාථ නොකරන ලද බවත් එය නොමග යවන තොරතුරු මත පදනම් වූවක් බවත්, අපගේ රටේ යුදමය තත්ත්වයක් පැවතිය ද ජන සංහාරයක් සිදුනොවූ බවත්, කැනඩාව විසින් ජන සංහාරයක් පිළිබඳ දැනුම්වත් කිරිම පිළිබඳ සතියක් ප්‍රකාශ කිරීම වැනි ක්‍රියාවලීන්ට එකඟවීය නොහැකි බවත් අවධාරණය කරනු ලැබුවේය.

බ්‍රැම්ප්ටන් නගරසභාවේ මෙම කණගාටුදායක මුලපිරීම වැලැක්වීමට මැදිහත්වන ලෙස කැනඩා ෆෙඩරල් රජයෙන් 2021 වසරේ සිට මේ දක්වා ශ්‍රි ලංකා රජයෙන් නිරන්තර ඉල්ලීම් ද එකී ඉදිකිරීම් සම්බන්ධයෙන් මුල සිටම විරෝධතා ඉදිරිපත් කළද එකී ස්මාරකය මේ වනවිට ඉදිකර අවසන් කිරීම කණගාටු දායක තත්ත්වයක් බවත්, ජාතික ජන බලවේග රජය විසින් ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා ඉතා කැපවීමෙන් සහ මහන්සියෙන් කටයුතු කරන මෙවැනි අවස්ථාවක සිදුවන මෙවැනි ක්‍රියා නැවත ජාතීන් අතර බෙදීමක් අසමගියක් ඇති කිරීමට හේතු විය හැකි බවත්, එවැනි අසමගියක් බෙදීමක් ඇති කිරීමට කටයුතු කිරීම සහ අසත්‍ය පදනම් වූ ස්මාරක ඉදි කිරීම මහජනතාව නොමග යැවීම පමණක් නොව සියලු ප්‍රජාවන් අතර සංහිඳියාව සමගිය සහ චිරස්ථායී සාමය සම්බන්ධව ගනු ලබන ලංකාවේ සැබෑ ප්‍රයත්නයට බාධාවක් බව ද පැහැදිලි කර දෙනු ලැබුවේය.

ඒ අනුව විදේශ අමාත්‍යවරයා කැනඩා මහකොමසාරිස් හමුවේ පදනම් විරහිත ජන සංහාර චෝදනා සහ එවැනි ස්මාරකයක් ඉදිකිරීමට අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජයේ දැඩි විරෝධතාවය නැවතත් අවධාරණය කළ අතර මේ සම්බන්ධව මේ වනවිට යම් ඉදිරි ක්‍රියාවන් අනාවරණය වී ඇති හෙයින් ඒවා ඉදිරියේ දී ක්‍රියාත්මක වීම වැලැක්වීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ද කැනඩා රජයෙන් ඉල්ලීමක් කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ඉල්ලීම සම්බන්ධව කැනේඩියානු මහකොමසාරිස්වරයා විසින් ප්‍රතිචාර දක්වා තිබූ අතර ජන සංහාර ස්මාරකය ඉදිකිරීම කැනඩා රජයේ ව්‍යාපෘතියක් නොවන බවත් එය පෞද්ගලික පාර්ශවයන්ගේ ධන පරිත්‍යාගයෙන් සිදුකරන බවත් බ්‍රැම්ප්ටන් නගරාධිපතිවරයා මෙම පාරශවයන්ට ඉතාමත් කිට්ටුවෙන් ක්‍රියා කරන්නෙක් වුවත් කැනඩාවේ පවතින ක්‍රමය අනුව ප්‍රාන්ත නගර සභාවලට ඇති බලතල වෙනස් ස්වභාවයක ඇති බවත්, කැනඩා ෆෙඩරල් රජයේ කිසිදු නියෝජිතයෙක් අදාල විවෘත කිරීමේ උත්සවය අමතා නොමැති බවත් කැනේඩියානු මහකොමසාරිස්වරයා පෙන්වා දී තිබේ.

නමුත් එසේ පැවසුවද කැනඩා නව රජයේ අග්‍රාමාත්‍යවරයා දමිල සංහාර සැමරුම් දිනයක් යනුවෙන් වූ ප්‍රකාශයක් පසුගිය දා කර තිබිනි. එයට ද රජයක් වශයෙන් දැඩි රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් විරෝධතාවය දැක්වූ බව පවසන්නේ කැමැත්තෙනි.

ඉහත තත්ත්වය ඔබ සැමගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන අතර ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීමත් නැවත ත්‍රස්තවාදයට ඉඩ සලසන බෙදීම් සිත් රිදවීම් වැලැක්වීමට කටයුතු කිරීම අපෙ රජයේ ප්‍රමුඛ කාර්යයක් සේ සලකා අප හැම කටයුතු කරන බවත්, ඒ සඳහා රජය ඉතා ඕනෑකමින් කටයුතු සලස්වන බවත්, කැනඩාවේ පමණක් නොව,  ලෝකයේ ඕනෑම තැනක එවැනි ක්‍රියාවක් සිදුවේ නම් එයට විරෝධතාවය දැක්වීම රජය කිසිදු ලෙසකින් පසුනොබසින බවත් මේ ගරු සභාවට නැවතත් ප්‍රකාශ කරමින් මාගේ ප්‍රකාශය අවසන් කරමි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සජබ යූඑන්පී සහ පොහොට්ටුවේ ඇතැම් දේශපාලන ප්‍රබලයින් රටේ පාතාල කල්ලි 10ක් සමග සම්බන්ධයි… ඉදිරියේ නම් ගම් හෙළි කරන බව මහජන ආරක්ෂක ඇමති කියයි!

Next Post

මීනගයා පිලී පැන්නූ වන අලියා…

Related Posts

පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!
  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.