බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දින 08ක් ප්‍රමාද වී නැවත ඇරඹෙන IPL අර්බුදයෙන් අර්බුදයට…

by editor
මැයි 13, 2025
in පුවත්
IPL
Share on FacebookShare on Twitter

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩය මැයි 17 වන දින නැවත ආරම්භ වී ජුනි 3 වන දින අවසන් කිරීම නිවේදනය නිකුත් කර ඇත. ඒ නව සංශෝධිත කාල සටහනක් අනුවය.

ඉන්දියාව සහ පාකිස්තානය අතර දේශසීමා ආතතීන් හේතුවෙන් මැයි 9 වන දින සතියකට අත්හිටුවන ලද තරඟාවලියේ ඉතිරි තරඟ බැංගලෝර්, ජායිපූර්, දිල්ලි, ලක්නව්, මුම්බායි සහ අහමදාබාද් යන , ස්ථාන හයකදී පැවැත්වේ.

අවසන් තරග සඳහා ස්ථාන පසුව ප්‍රකාශයට පත් කරනු ඇත. නමුත් මැයි 29 වන අවසන් පූර්ව වටයේ පළමු තරගයත් ජුනි 1 වන අවසන් පූර්ව වටයේ 2වන තරගයත්, ජුනි 3 වන දින අවසන් මහා තරඟත් පැවැත්වේ

ෙනැවත ආරම්භ කිරීමෙන් පසු මුළු තරඟ 17 ක් පැවැත්වේ. ඉරිදා දින දෙකක තරග දෙක බැගින් පැවැත්වෙනු ලැබේ.

සංශෝධිත කාලසටහනට ලීග් තරඟ 13 ක් සහ අවසන් පූර්ව වටයේ තරඟ හතර ඇතුළත් වේ. මෙයින් අදහස් කරන්නේ මැයි 8 වන දින ධර්මශාලා හිදී පළමු ඉනිමේ මැද භාගයේදී නතර කරන ලද පන්ජාබ් කිංග්ස් එදිරිව දිල්ලි කැපිටල්ස් තරගය නැවතත් මැයි 24 වන දින ජායිපූර් හිදී පැවැත්වෙන බවය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

අදාල සංශෝධිත කාල සටහන පහත දැක්වේ. (espncricinfo වෙබ් අඩවියෙනි)


තරඟාවලිය නැවත ආරම්භ කිරීම අවසන් කිරීමට පෙර ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය “රජයේ සහ ආරක්ෂක ආයතන සමඟ සහ සියලුම ප්‍රධාන කොටස්කරුවන් සමඟ පුළුල් උපදේශන” පැවැත්වූ බව නිල නිවේදනයේ සඳහන් විය.

මැයි 25 වන දින කොල්කටාහිදී අවසන් වීමට නියමිතව තිබූ IPL තරගාවලිය ප්‍රමාද වී අවසන් වීම නිසා, එය දැන් එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර මැයි 29 වන දින බර්මින්හැම්හිදී ආරම්භ වී ජුනි 3 වන දින ඕවල්හිදී අවසන් වන සම්පූර්ණ එක්දින තරගාවලිය පවත්වන දින වකවානුවේම පැවැත්වීමට සිදුවී තිබේ.

ඒ හේතුවෙන් එය බටහිර ඉන්දීය කොදෙව් ජාතික එක් දින සංචිතයට තෝරාගෙන ඇති රෝයර් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ රොමාරියෝ ෂෙපර්ඩ් , ලක්නවු සුපර් ගැන්ග් කණ්ඩායමේ ෂමර් ජෝසප් සහ ගුජ්රාට් ටයිටන්ස් කණ්ඩායමේ ෂර්ෆේන් රදර්ෆර්ඩ්ට IPL තරග අත් හැරීමට සිදුවී ඇත.

එංගලන්තය තවමත් ඔවුන්ගේ සංචිතය නම් කර නැත, නමුත් බලපෑමට ලක්විය හැකි ක්‍රීඩකයින් වන්නේ ගුජ්රාට් ටයිටන්ස් කණ්ඩායමේ ජොස් බට්ලර් , රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ෆිල් සෝල්ට්, ජේකබ් බෙතෙල් , ලියම් ලිවිංස්ටන් , මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ විල් ජැක්ස් සහ රීස් ටොප්ලි ය.

සංශෝධිත IPL කාලසටහන අවසන් තරඟය සහ ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරඟය අතර පරතරය දින හතකට සීමා කරයි. ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව ජුනි 11 වන දින ලෝඩ්ස්හිදී ටෙස්ට් ලෝක ශූරතාව සඳහා තරඟ කිරීමට නියමිතය. ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව යන දෙකම අඟහරුවාදා ඔවුන්ගේ සංචිත ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

දැනට IPL කණ්ඩායම්වල සිටින සහ ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරඟය සඳහා තෝරා ගැනීමට ඉඩ ඇති ක්‍රීඩකයින් වන්නේ සන් රයිස් හයිද්‍රාබාද් කණඩායමේ ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් සහ ට්‍රැවිස් හෙඩ්, දිල්ලි කැපිටලස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රිඩා කරන මිචෙල් ස්ටාර්ක් සහ ට්‍රිස්ටන් ස්ටබ්ස්, රෝයල් චැලෙන්ජරස් බැංගලෝර් කණ්ඩායමේ ජොෂ් හේසල්වුඩ් , පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ මාර්කෝ ජැන්සන් සහ ජොෂ් ඉන්ග්ලිස්, ලක්නවු සුපර් ගැන්ග් කණ්ඩායමේ ඒඩන් මාක්‍රම්, ගුජ්රාට් ටයිටනස් කණ්ඩායමේ කගිසෝ රබාඩා , මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ රයන් රිකෙල්ටන් සහ රාජාස්ථාන් රෝයල් කණ්ඩායමේ ක්වේනා ම්ෆාකා ය. මේ තත්ත්වය IPL විකල් කරවන සුළුය.

සංශෝධිත කාලසටහන තවත් අභියෝගයකට මුහුණ දී ඇත. මැයි 30 සිට කැන්ටබරි සහ නෝර්තැම්ප්ටන් හි නිල නොවන ටෙස්ට් තරඟ දෙකක් සඳහා විදේශගතවන ඉන්දියා A කණ්ඩායමේ එංගලන්ත සංචාරයට ද බලපානු ඇත. ජුනි 20 වන දින එංගලන්තයේ ආරම්භ වන තරග 5කින් යුත් නිල නොවන ටෙස්ට් තරඟාවලිය සඳහා ඉන්දීය සංචිතයට ඇතුළත් වීමට ඉඩ ඇති ඉන්දියා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු IPL හි අවසන් කොටසට අහිමිවනු ඇත.

දැනට, IPL ෆ්‍රැන්චයිස් කණ්ඩායම් 10 සඳහා ඇති විශාලතම අභියෝගය වනුයේ ඔවුන්ගේ සංචිත නැවත එක්රැස් කර සති අන්තයේ ආපසු ගෙදර යාමට පටන් ගත් විදේශීය ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩල සාමාජිකයින් නැවත ගෙන්වා ගැනීමය.

නැවත එක්වීමට පහසුම කණ්ඩායම ගුජරාට් ටයිටන්ස් වනු ඇත. දැනට ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින ඔවුන් ඔවුන්ගේ විදේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු පමණක් ආපසු පියාසර කරනු දැක තිබේ. ඒ ජොස් බට්ලර් සහ ජෙරල්ඩ් කෝට්සි. ඔවුන්ගේ කණ්ඩායමේ සෙසු අය අහමදාබාද්හි පුහුණුවීම් දිගටම කරගෙන යමින් සිටිති.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඊයේ අලගල්ලේ බස් රථ අනතුරින් තුවාල ලැබු පිරිස 38ක්…

Next Post

සහශ්‍ර ගණනක ඉතිහාසයක් ලියැවුන පන්සලක් ජාතියක් දවා අළු කළ හැකි ගිනි ගොඩක් කරන්න හදන ජාතිවාදී කුපාඩිකම…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.