ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු ලේකම් මැක්ස්වෙල් ද සිල්වාට වසර පහක තහනමක් පනවා ඇති බව ඩේලි මිරර් වාර්තා කරයි.
මැක්ස්වෙල ද සිල්වා විසින් වසර ගණනාවක් තිස්සේ සිදු කරන ලද විවිධ අක්‍රමිකතා හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් කටයුතු කර තිබිණි.
ඒ අනුව, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමටුවේ ආචාර ධර්ම කමිටුව විසින් කරන ලද නිර්දේශ සැලකිල්ලට ගනිමින්, එහි විධායක කමිටුව මැක්වෙල් ද සිල්වාට වසර පහක තහනමක් පැනවීමට තීරණය කළ බව එම කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් ඩේලි මිරර් වෙත පවසා ඇත.
මැක්වෙල් ද සිල්වාට එරෙහි දඬුවම දැනටමත් ජාත්‍යාන්තර ඔලිම්පික් කමිටුව වෙත ලිඛිතව දැනුම් දී ඇති බව සුරේෂ් සුබ්‍රමනියම් තවදුරටත් පවසා තිබේ.
ඒ අනුව, වසර පහක තහනමකට ලක්ව සිටින හිටපු ලේකම්වරයාට දැන් කිසිදු විදේශීය උත්සවයකට හෝ ජාත්‍යන්තර සමුළුවකට ශ්‍රි ලංකා ජාතික ඔලිම්පික් නියෝජනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.







