බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඉන්දියානු කෙල්ලන්ගෙන් ලකුණු 342ක දැවැන්ත ඉලක්කයක්!

by editor
මැයි 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • දිනන්න ලේසි නෑ… දිනුවෙ නැතත් අවසන් මහා තරගයකට සුදුසු ගෞරවාන්විත පරාජයක් හෝ ලබා දෙන්න…

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා සහ ඉන්දියා තුන් කොන් කාන්තා අන්තර් ජාතික එක් දින තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශ්‍රි ලංකා කණ්ඩායම දැඩි අවදානමකය. කවදාවත් ලකුණු 287ක සීමාව ඉක්මවා නොගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 342ක දැවැන්ත ඉලක්කයක් හිමි වී ඇත්තේය. කඩුලු 07ක් දැවී ගොස් තිබිණි.

සාමාන්‍ය වේගය ඕවරයකට ලකුණු 6.84කි. දළ වශයෙන් ලකුණු 7ක සාමාන්‍යයක් පන්දු ඕවරයක පවත්වා ගැනීම අවශ්‍යය. පන්දු ඕවර 50ක තරගයක දී මේ ඉලක්කය කිසිසේත් පහසු එකක් නොවේ.

මෙවැනි පීඩනයක් දරා ගන්නට නොහැකි බව ශ්‍රි ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා තරගයේදීත් පෙන්නුවේය. කඩුළු 5ක් ලකුණු 89කට දැවී ගිය අවස්ථාවේ දී දකුණු අප්‍රිකානු මැද පෙළ ක්‍රීඩිකා ඇනේරියා ඩැක්සන් ලකුණු 103ක්, චෙලෝ ට්‍රියොන්, ලකුණු 74ක්, නඩින් ඩි ක්ලේක් ලකුණු 32ක් ලෙස ලබාගෙන ශ්‍රී ලංකාවට ලබා දුන් ලකුණු 315ක ඉලක්කය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම මානසිකව වැටෙන ආකාරය දුටුවෙමු. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 239කට දැවී යන්නේ ඕවර 42.5ක දී ය.

එකම බලාපොරොත්තුව තරගාවලිය පුරාම ෆේල් වී සිටි චමරි අතපත්තු පසුගිය තරගයේ දී ලකුණු 52ක් සහිතව ලකුණු අතරට පැමිණෙන බව පෙන්වීමය.

පසුගිය තරගය මේ තරගයේ හැඩය ගැන අප තුළ ඇතිකරන සිතිවිල්ල එවැන්නකි.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

කාසියේ වාසිය දිනුවේ ඉන්දියානු කණ්ඩායමය. ආරම්භයේ සිට ඔවුහු බොහෝ ඉහළ ලකුණු සංඛ්‍යාවක් සඳහා පදනම දමා ගන්නා ආකාරය පෙන්වා දුන්හ. මුල්ම කඩුල්ල බිඳෙන්නේ ලකුණු 70 දී ය. ඒ ඉනෝකා රණවීරගේ පන්දුවක් හමුවේ පියුමි වත්සලා රැකගත් උඩපන්දුවක් හමුවේ ප්‍රතිකා රාවල් ලකුණු 30කට දැවී යාමෙනි.

Mandana
මන්දනා… ලකුණු 116ක්…

එතැන් සිට ඉන්දීය කණ්ඩායමේ රූපත් රැජන ස්ම්‍රිට් මන්දානා විසින් එල්ල කළ බිහිසුණු ප්‍රහාරය ශ්‍රී ලංකා පන්දු යවන්නියන් විඩාවට පත් කළේය. ඇය පන්දු 101ක් තුළ ලකුණු 116ක් ලැබුවාය.  මේ ඇය රැස් කළේ ඇයගේ 11 වැනි ශතකයය. ඊට හතරේ පහර 15කි. හයේ පහර 02කි. මන්දනා සහ හර්ලින් ඩිඕල් අතර දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 120ක සබඳතාවයක් ගොඩනැගෙනු බලාගෙන සිටියෙමු. දෙවැනි කඩුල්ල බිඳ වැටෙන්නේ ලකුණු 190 දී ය.

විශේෂත්වය වන්නේ ඉන්දීය පිතිකාරිනියන් සියල්ල සිය යුතුකම විශිෂ්ට ලෙස ඉටු කිරීමය. හර්ලින් ඩිඕල් ලකුණු 47කි. හතරේ පහර 4ක් ඊට එක් විය. නායිකා හර්මන්ප්‍රීත් කවුරු පන්දු 30ක දී හතරේ පහර 4ක් සමග ලකුණු 41කි. ජෙමීමා රොඩ්‍රිගෝස් පන්දු 29ක කි හතරේ පහර 4ක් සමග ලකුණු 44කි.

පන්දු යැවීමේ දී මල්කි මදාරා කඩුළු 02ක්, දෙව්මි විහන්ගා කඩුළු 02ක්, ඉනෝකා රණවීර කඩුල්ලක් ලැබූහ.

පිළිගත යුත්තේ මේ අවසන් මහා තරගය ජයග්‍රහණය පහසු නොවන බවය. අඩුම තරමින් අවසන් මහා තරගයකට සුදුසු තරගකාරීත්වයක් සහිතව මේ තරගයට ශ්‍රී ලංකා පිතිකාරිණියන් ප්‍රවේශවනු දැක්ම අපේ ප්‍රාර්ථනාවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රම්බොඩ ගැරඬිඇල්ල ඛේදවාචකය – මරණ 21යි… මරණ ගණන තවත් ඉහළ යෑමේ අවදානමක්!

Next Post

තවත් මළ සිරුරු කීපයක් බස් රථයට යටවෙලා… එම සිරුරු ගොඩට ගන්න පොලිසිය ප්‍රදේශවාසීන් සමග දැඩි මෙහෙයුමක!

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.