සමන්ත රණසිංහ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඉදිරියේ අද (08) දිවුරුම් දුන්නේය.
කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඔහු පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.
ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කෝසල නුවන් ජයවීරගේ අභාවය හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට සමන්ත රණසිංහ මෙලෙස පත් කර තිබේ.
සමන්ත රණසිංහ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය රඹුක්කන ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය.







