වර්ෂාව සමග ලුනුගම් වෙහෙර, වෙහෙරගල, මින්නේරිය සහ කන්තලේ ඇතුළු මහා ජලාශ 22ක් වාන් දමමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කන්තලේ ජලාශ ජල මට්ටම තවමත් ඉහළ මට්ටමක තිබෙන බව කන්තලේ ජලාශ භාර ඉංජිනේරුවරයා පවසයි. ජලාශයේ වාන් දොරටු 4ක් අඩිය බැගින් ද වාන් දොරටු 6ක් අඩි භාගය බැගින් ද විවර කර ඇති බව ඔහු කියයි.
රාජාංගනය ජලාශයේ වාන් දොරටු 06ක් මේ වනවිට විවර කර ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරයා සඳහන් කරයි. එමගින් තත්ත්පරයට ඝණ අඩි 6300ක ජල ධාරිතාවක් කලා ඔයට එකතු වෙමින් තිබේ.
නාච්චාදූව ජලාශය ද ඇත්තේ වාන් දමමිනි. ජල මට්ටම වැඩි විය හැකි බැවින් මල්වතු ඔය පහළ කොටසේ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස අවධාරණය කර ඇත.







