ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සඳහා මුදලක් ගෙවා ශ්‍රි දළදා මාලිගා පරිශ්‍රය තුළ කිසිම ප්රචාරක කටයුත්තක් සිදු නොවූ බව අවධාරණය කරන්නේ යැයි ක්ලීන් ශ්‍රී ලංකා කාර්යාලය නිවේදනය කර තිබේ.
පසුගිය සතියේ කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍ය විසින් නැගූ පැනයකට අද (29) පිළිතුරු ලබා දෙමින් එම කාර්යාලයේ අතිරේක ලේකම් ඉංජිනේරු එස්.පී.ඊ සුගීෂ්වර අදාල තහවුරුව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට ලිඛිතව ලබා දුන් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කීවේය.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂවරයා ප්‍රකාශ කළේ මේ සම්බන්ධව තහවුරුවක් තමන් විසින් දළදා මාළිගාවේ මාධ්‍ය අංශයෙන් ද ලබා ගත් බවය. අතිශය සංවේදී ආගමික කටයුත්තක්, අතිශය සංවේදී ආගමික ස්ථානයක් තුළ පැවැත්වෙද්දී ප්රවෘත්ති වාර්තාකරණය සංයමයකින් යුතුව සිදුකරන්නැයි ද ඔහු මාධ්‍යයෙන් ඉල්ලා සිටියේය.







