පොලිස්පති දේශබන්දු තෙන්කෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සම්මත වුන යෝජනාවට අනුව කථානායකවරයා විසින් චෝදනා විමර්ශනය සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කර තිබේ.
2002 අංක 05 දරන නිලධරයින් ඉවත් කිරීමේ කාර්ය පටිපාටියේ පනතට අනුව පොලිස්පතිවරයාට එරෙහිව ඇති චෝදනා විමර්ශනයට පත් කරන පරීක්ෂණ කමිටුවේ සභාපති ධූරයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පත් කර ඇත.
පනතට අනුව මෙම පත්කිරිම සිදුකරනු ලබන්නේ අගවිනිසුරුවරයා විසිනි. අගමැතිවරිය සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවයෙන් පත් කරන සමාජිකයා ලෙස විශ්‍රාමික ශේෂ්ඨාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල පත් කර තිබේ. ඔහු මේ වනවිට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා ය.
පනතේ විධි විධානවලට අනුව පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක නිල බලයෙන් පරික්ෂණ කමිටුවට පත් කර ඇත.
මෙම කමිටුව මගින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ඇති චෝදනා විමර්ශනය කර නිගමනය දැනුම් දීමෙන් පසු එම නිගමනය දේශබන්දු පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම නම් පාර්ලිමේන්තුවේ දී ඔහු ඉවත් කිරීමට අදාලව ජනාධිපතිවරයාට කරනු ලබන යෝජනාවක් නැවත සම්මත කළ යුතුය.







