බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජයට එරෙහි පාරරාජ්‍යයක් රාජ්‍ය යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මකයි… කාදිනල්තුමෝ හෙළිදරවු කරති!

තුනෙන් දෙකක බලයක් දුන්නේ නීති වෙනස් කරන්න... නව නීති සම්පාදනය කරන්න... ඒ සඳහා ධෛර්යමත් වෙන්න... කාදිනල් තුමා ජනපතිගෙන් ඉල්ලයි...

by editor
අප්‍රේල් 21, 2025
in පුවත්
cadinal
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරික්ෂණ කටයුතු නිවැරදිව පවත්වා ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් දැඩි උනන්දුකින් කටයුතු කරනු ලැබූවද පරාජිත දේශපාලන බලවේග විසින් මෙහෙයවනු ලබන පාරරාජ්‍යයක් රාජ්‍ය යාන්ත්‍රණය තුළ තවමත් ක්‍රියාත්මක බව ද එම බලවේග විසින් මෙම පරීක්ෂණ කටයුතු යටපත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව ද අතිගරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ අද (21) ප්‍රකාශ කළහ.

උන්වහන්සේ අද මේ ප්‍රකාශය කරනු ලැබුවේ පාස්කු ප්‍රහාරය සිදුවී වසර හයක් පිරීම නිමිති කරගෙන බහු ආගමික නායකයින් සහ පාස්කු වින්දිතයින් සම්බන්ධ කරගනිමින් කොච්චිකඩේ පල්ලියේ පැවැත්වූ ප්‍රධාන දේව මෙහෙය අතර විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ජනාධිපතිවරයා විසින් ඉතා උනන්දුවකින් මෙම පරීක්ෂණ කටයුත්තට අතගසා ඇතත් එය මෙහෙයවීමට උසස් නිලධාරීන් කණ්ඩායමක් පත් කර ඇතත් පවතින නීති පද්ධතිය හා ඒය ක්‍රියාවට නැන්වීම භාර ඇතැම් නිලධාරීන්ගේ මන්දගාමී හැසිරිම ඉදිරියේ එම කටයුතු විවිධ බාධක මධ්‍යයේ සිදුවන මට්ටමකට පත්ව ඇතැයි ද උන්වහන්සේ කීහ.

පසුගිය රජය සමයේ එම රජය මෙහෙයවූ අය කතෝලික සමුළුව තුළ බෙදීමක් ඇති කර ළාමක අයුරින් ප්‍රශ්නයෙන් පැන යෑමට උත්සාහ කළ අයුරු ඉතාම කණගාටු දායක සහ බොලද ක්‍රියාවක් ලෙස හැඳින්වූ කාදිනල් තුමෝ මේ තත්ත්වය ජාත්‍යාන්තර මාධ්‍ය හමුවේ ද ඉදිරිපත් කිරීම ලජ්ජා සහගත හැසිරීමක් බව අවධාරණය කළහ. .

පාස්කු ප්‍රහාරය සම්බන්ධව තමන් අතුළත්ව රදගුරු මණ්ඩලයම දරන්නේ ඒකම මතයක් බව මෙහිදී පැහැදිලි කාදිනල් තුමා දන්වා සිටියේ

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

එම මතය නම් මේ ප්‍රහාරයන් ගැන ඉක්මන් හා කඩිසර විමර්ශනයක් සිදු නොවන තත්ත්වයක් ඒදා සිට පැවත ඒන නිසා වඩාත් ශක්තිමත් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවා මේ කටයුතු මීටත් වඩා උනන්දුවකින් කළ යුතු බවට වන මතය බව පෙන්වා දුන්හ.

සිය ප්‍රකාශය අතර කාදිනල්තුමෝ අවධාරණයෙන් දැක්වූ කරුණු කීපයක් තිබිණි. එම කාරණා මෙසේය.

“කණගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුත්තේ මේ ප්‍රශ්නය යට ගසන්නට දේශපාලන නායකත්වය ගත් උත්සාහ අදටත් ක්‍රියාත්මක කරවමින් එම පරාජිත දේශපාලන බලවේගවලට යට වූ විවිධ රජයේ ආයතන මෙහෙයවන පාරරාජ්‍යයක් ක්‍රියාත්මකවන බවය.”

“පාස්කු ප්‍රහාරයට පසු එවකට නීතිපතිවරයාව සිටි දප්පුල ද ලිවේරා මහා කුමන්ත්‍රණයක් මේ ප්‍රහාරය පසුපස ඇතැයි කළ ප්‍රකාශය වුවද තුට්ටුවකට නොසලකා හැර එම තනතුරට ඔහුට පසුව පත් වූ නීතිපති තුමා මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව ද මෙම ප්‍රහාරය පසුපස ඇති ස්වරූපය සහ නීතිමය තත්ත්වය සම්බන්ධව දැක්වූ මන්දගාමී හා පවතින පාලකයින්ට ලෙන්ගතුව කටයුතු කිරීම ද මේ පිළිබඳව අද වනතුරුම මේ නිලධාරීවාදය දක්වන සීතල වතුර ඉසීමේ ප්‍රතිඵලය නිසා ජනතාව විසින් පත් කරගන්නා ලද රජයකට විරුද්ධව හෝ තීරණ ගැනීමට ශක්තියක් ඇති පාරරාජ්‍යයේ ක්‍රියාකාරීත්වය බලවත් වන්නේදැයි අපට පෙන්නුම් කරනු ලැබේ.”

“මේ තත්ත්වය තව දුරටත් අවුල් කිරීම ඳසහා දේශපාලන බලවේග පසුපස යන ඇතැම් මාධ්‍ය ආයතන ද ක්‍රියාකාරී වන බව ඳසහන් කරන්නේ කණගාටුවෙනි. මේ අය තමන්ට ලැබුන විශේෂ වරප්‍රසාද නිසා මේ දේශපාලන නායක කාරකාදීන් ආරක්ෂා කිරීම සදහා පුවත්පත් සහ මාධ්‍ය ජාල මෙහෙයවමින් දැන් සිදුවෙමින් පවතින විමර්ශන කඩා කප්පල් කිරීමට මාන බලනු බව පෙනේ. මේ ළාමක ප්‍රතිපත්තිය අපි ප්‍රතික්ෂේප කරන බව මෙහිදී ඳසහන් කර සිටිමු. ” කාදිනල් තුමෝ අවධාරණය කරමින් ප්‍රකාශ කළහ.

ජනතාව විසින් මේ පවතින රජයට අවශ්‍ය තුනෙන් දෙදක බලය ලබා දුන්නේ අවශ්‍ය ලෙස ව්‍යවස්ථාමය හා නෛතික වෙනස්කම් කරමින් ශ්‍රී ලංකා දේශය ලෙයින් තෙත් කළ ඇතැම් දේශපාලන හා දාමරික බලවේග හෙළිදරවු කරමින් මිනිස් ඝාතන අතුරුදහන් කිරීම් සුදු වෑන් වධකාගාර පාතාල ක්‍රියාකාරකම් පෞද්ගලික හමුදා ආදිය තුළින් අප ඉතිහාසයට කලු පැල්ලමක් ඒක් කළ අය හදුනාගෙන ඒ් අය නීතිය හමුවට ගෙන එන්නට ඉක්මනින් ක්‍රියා කරනු ඇතැයි සිතමින් බව කී කාදිනල් හිමියෝ සියලු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාව ආරක්ෂා කරගෙන ත්‍රස්තවාදයට එරෙහිව බලගතුව ක්‍රියාත්මක කිරීම සඳ හා අදාල නීති රීති වෙනස් කිරීමට ධෛර්යමත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

උන්වහන්සේ මෙසේ ද පැවසූහ.

අති ගරු ජනාධිපති තුමනි… මේ ප්‍රහාරයෙන් අහිංසකයන්ගේ ලේ හැලීම ඔබතුමා 2024 ඔක්තොම්බර් 04 වැනි දින මීගමුව කටුවාපිටියේ දී පොරොන්දු වූ ලෙසම කාලයේ වැලිතලාවට යට වන්නට ඉඩ නොදී මෙහි සත්‍ය පසුබිම සොයා එයට සම්බන්ධ සියලු පුද්ගලයින් නීතිය හමුවට ගෙන එනු ඇතැයි අපගේ ඒ්කායන බලාපොරොත්තුවයි… පැතුමයි.

ඒ් වෙනුවෙන් මම ඔබතුමන් වෙත යොමු කරන පහත සදහන් ඉල්ලිම්වලට ඔබතුමාගේ අවධානය යොමු වනු ඇතැයි විශ්වාස කරමි.

  1. දැනට පාර්ලිමේන්තු පුස්තකාලයට පමණක් ලබා දී ඇති පාස්කු ප්‍රහාරය පිලිබද ජනක් ද සිල්වා විනිසුරුතුමන්ගේ සභාපතිත්වයෙන් යුක්ත ජනාධිපති කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ වාර්තාව පාර්ලිමේන්තුවට හැකි ඉක්මනින් ඉදිරිපත් කර ජන ගත කිරීම
  2. පාස්කු ඉරිදා ප්‍රහාරය ඳපිලිබ වැඩිදුර විමර්ශන නිරීක්ෂණය කිරීමට සහ නඩු පැවරීමට පූරණ බල තල සහිත ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට කටයුතු කිරීම
  3. මෙම ප්‍රහාරය පසුපස ක්‍රියාත්මක වූ සියලුම බලවේග පිලිබදව සොයා බලා එහි සත්‍ය රටට හෙළිදරවු කර ඒ් සදහා ක්‍රියාත්මක වූ චූදිතයන් සියලු දෙනා තාරතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කිරීම
  4. 2019 සැප්තැම්බර් 21 වැනිදා පත් කළ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කළ සියලුම යෝජනා ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම,
  5. හමුදා බුද්ධි අංශය සහ සහරාන් හෂීම් නැමැති ත්‍රස්තවාදී නායකයා අතර තිබුණ සම්බන්ධය සහ ඒ් සම්බන්ධයෙන් එංගලන්තයේ චැනල් 4 නාලිකාව ඉදිරිපත් කළ වැඩසටහන පිලිබදව පූර්ණ පරික්ෂණයක් දියත් කළ ඒ් තුළ පූර්ණ සාක්ෂියක් මෙහෙයවූ අසාද් මවුලානා නැමැති අය ගැඹුරු විමර්ශනයක් කිරීම. ‌ මේ පිලිබදව පසුගිය රජය පත් කළ ඉමාම් කමිටුව පිළිබද වාර්තාව කිසිසේත් පිලිනොගන්නේ එම රූපවාහිනී වැඩසටහනේ ප්‍රධාන චරිතය වූ මෙම අසාද් මවුලානා නැමැති අයගෙන් කිසිදු ප්‍රශ්න කිරීමක් නොකර ඒ් ඳපිළිබව නිගමනවලට පැමිණි නිසාවෙන් ඒය ප්‍රෝඩාකාරී දේශපාලන අවශ්‍යතාවයක් පිරිමසා ගැනීමට කරන ලද ඇස්බැන්දුමක් පමණක් වූ නිසාය.
  6. මෙම ප්‍රහාරය ක්‍රියාත්මක වීමට තුඩු දුන් සියලුම රහස් කුමන්ත්‍රණ පසුපස තිබූ අවනීතියේ සංස්කෘතිය හා එයට උඩ ගෙඩි දෙන පාර රාජ්‍යය මේ රටින් ඉවත් කිරීමට කටයුතු කර රට තුළ යුක්තිගරුක භාවය සංහිදියාව සහ විනය ආරක්ෂා කරමින් ජනතාවගේ මානව හිමිකම් සුරැකීමට හා ශක්තිමත් කිරීමට කටයුතු කිරීම
  7. රට තුළ දේශපාලන බලය ඇති අය පුරවැසියාගේ සේවකයින් මිස ඔවුන්ගේ පාලකයින් නොවන බව තමන් පත් කළ හෝ නොකළ සියලුම පුරවැසියන් රැක බලා ගනිමින් සමාජය තුළ දැහැමි බව සහ සාමය ඇති කිරීම පිනිස ද යළි කිසිදා මෙවැනි ප්‍රචන්ඩකාරී තත්ත්වයක් නිර්මාණය නොවන ආකාරයේ නව සංස්කෘතියක් වෙත අප රට මෙහෙයවීම
  8. මිනිස් ජීවිත 272ක් ඒක මොහොතකින් විනාශකර රට තුළ ජාතිවාදය සහ ආගම් වාදය දල්වා රටට මහා විනාශයක් ගෙන ඒ්මෙන් රටේ කීර්තිය විනාශ කිරීමට ගෙනෙන ලද මේ ම්ලේච්ඡ ප්‍රහාරය පසුපස ඇතැම් පසුගාමී බලවේග සිටි බව ඔප්පු වූයේ ඒම ප්‍රහාරයට සති දෙකකට පසු මීගමුව ප්‍රදේශයේ දී ඊට සතියකට පසු හලාවත නාත්තන්ඩිය, දංකොටුව සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී ද සිදුකරන ලද ජාතිවාදී ආගම්වාදී පහරදීම්ය. මේ ඳපිළිබවත් ගැඹුරින් සොයා බැලිය යුතු වේ.
  9. මේ සියලුම ප්‍රහාරද ඊ‌ට පෙර දිගන සහ දර්ගා නගරයේ ඇති වූ ප්‍රහාර ද මේ කථාවේ පෙරවදන වේ. මේ රට තුළ ජාතිවාදය හා ආගම්වාදය වපුරමින් ලේ පිපිසිත ඇතැම් අන්තවාදී දේශපාලන බලවේග ගෙන ගිය සැලසුම් හදුනාගෙන එම සංවිධාන අපේ රට තුළින් ඉවත් කිරීම ද නීතිය හා සාමය රකින සියලුම දෙනාගේද අපගේ ද යුතුකමය.

කාදිනල් තුමා පැවසුවේ සියලුම ආගම්වල ඉගැන්වීමටවලට එරෙහි මිනීමරු සංස්කෘතියෙන් සියල්ලටම පෙර රට පිරිසිදු කළ යුතු බවය.

කාදිනල්තුමන් කළ පූර්ණ ප්‍රකාශය පහත වීඩියෝවේ දැක්වේ. ( ලයිෆ් ට්‍රැවලර් වෙබ් අඩවියෙනි).

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාප්තුමෝ ස්වරගස්ථ වෙති…

Next Post

සිරි දළදා වන්දනාව අවපැහැ කළ VIP සූදුව…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.