බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

BMICH ප්‍රභූ රංගනය සඳහා හයේෂිකා ට ජනපතිටත් නැති පොලිස් රථ වාහන ලැබුණ හැටි…

by editor
අප්‍රේල් 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

හයේෂිකා ප්‍රනාන්දු නැමැති ශිෂ්‍යත්ව පන්ති ගුරුවරිය විසින් ප්‍රභූ රංගනයක් සඳහා පොලිස් යතුරු පැදි හතරක් සහ පොලිස් වාහනයක් ලබා ගැනීම මේ වනවිට බලවත් විසංවාදයක් ඇති කර තිබේ. අනාවරණය වන පරිදි මෙම වාහන ඇය වෙත ලබා දී ඇත්තේ කොළඹ නාගරික රථ වාහන පොලිසියෙනි. ඒ පොලිස් මූලස්ථානයේ නියෝගයක් මතය. ඒ සඳහා ඇය ගෙවීමක් සිදුකර ඇත. 

පොලිසියට ගලේ පැහැරූ බළලුන් මෙන් දැන‍් දෙකොණ පූට්ටු වී ඉන්නට සිදුවී තිබේ. ඒ මේ ටියුෂන් ගුරුවරිය සිය රංගනය වීඩියෝ කර සමාජ මාධ්‍යයට මුදා හැරීමත් සමගය. රටේ ජනාධිපති හෝ අගමැතිවරිය පවා නොගන්නා ආරක්ෂාවක් ලබා ගන්නට මේ කාන්තාවට හැකිවන්නේ කෙසේ ද යන්න මේ මොහොත වනවිට අනාවරණය වන්නේ අප ජීවත් වෙමින් ඇත්තේ කවදාවත් නිවැරදි කළ නොහැකි ගෝත්‍රිකයන් පිරිසක් සමග බව තහවුරු කරමිනි.

වාහන නිකුත් කරන නියෝගය පොලිස් මූලස්ථානයෙන්

දැන් අනාවරණය වන පරිදි පොලිස් මූලස්ථානය මෙම වාහන ලබා දීමේ නියෝගය නිකුත් කරන්නේ පොලිස් රථ වාහන ආරක්ෂාව සඳහා යෙදවීමට අදාල චක්‍රලේඛ උල්ලංඝණය කරමින් බව පෙනී ගොස් තිබේ. එම නෛිතක තත්ත්වය අපට මෙසේ පැහැදිලි කර ගත හැකිය.

ගාස්තු අයකිරීමක් සහිතව පොලිස් නිලධාරීන්ගේ සේවය පෞද්ගලික අවශ්‍යතා සඳහා ලබා දීමටත්, පොලිසිය සතු වාහන යාත්‍රා ආදී අයිතම පුද්ගලික අවශ්‍යතා සඳහා ලබා දීමටත් නෛතික ක්‍රමවේදයක් තිබේ.

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති ආකාරයට 2025.02.19 දින නිකුත් කර ඇති පොලිස්පති චක්‍රලේඛ 2791/2025 සහ මුදල් චක්‍රලේඛ 01/2025ට අදාලව එම නිශ්චිත මහ ජන සේවා සඳහා වූ ගාස්තු සංශෝධනයක් ද සිදුකර ඇත.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මෙම චක්‍රලේඛයේ පැහැදිලිවම දැක්වෙන්නේ පොලිස් නිලධාරයන්ගේ සේවය පෞද්ගලික අවශ්‍යතා සඳහා ඉල්ලුම් කළ අවස්ථාවල දී අදාළ කාර්යය සමාජ විරෝධී හෝ නීති විරෝධී කාර්යයක් නොවන බවට තහවුරු කර ගැනීමෙන් පසු එකී කාර්ය සඳහා අවශ්‍ය නිලධාරීන් ගණන තක්සේරුවට යටත්ව එය ලබාදීම කළ යුතු බවය. පොලිසිය සතු වාහන නිකුත් කළ යුතු වන්නේ ද එම කාර්ය භාර්යය සඳහා අවශ්‍ය ප්‍රමාණය තක්සේරු කොට එම තක්සේරුවට යටත්වය.

පොලිස් වාහනයක්, පොලිස් නිලධාරියෙක්  මුදල් ගෙවීමක් කර හෝ පුද්ගලික ඉල්ලීමක් මත  මුදා හරින්නේ දැඩි කොන්දේසිවලට යටත්වය. උදාහරණයක් ලෙස ආරක්ෂක ලේකම්වරයාගේ නිර්දේශ මතවත් කොළඹ ප්‍රධාන පාසල්වල් විසින් මහා තරග ආශ්‍රිතව පවත්වන රථ පෙළපාළි සඳහා පොලිස් මෝටර් රථයක් ලබා දීම පොලිසිය නිර්දේශ කළේ නැත.

හයේෂිකා ප්‍රනාන්දුට ඇයගේ රඟපෑම් සඳහා පොලිස් යතුරුපැදි 04ක් සහ 119 පොලිස් මෝටර් රථයක් පොලිස් මූලස්ථානය විසින් මුදා හරින්නට නියෝග කරන්නේ මේ වටපිටාවේය. මේ පොලිස් ලොක්කන්ට විලි ලජ්ජා නැතිද නැතිනම් මුන් සිහි මද ගතියෙන් පෙළෙනවාද යන්න අපට හිතෙන්නේ මෙවැනි තීන්දු සිහි බුද්ධියෙන් නම් ගත නොහැකි බව අප විශ්වාස කරන නිසාය.

අහවල් තක්සේරුව

පොලිස් මූලස්ථානයේ නිර්දේශ මත කොළඹ නාගරික රථ වාහන පොලිසිය මගින් මෙම වාහන 05 මුදා හැර ඇති උත්සවය තිබුණේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව යනු අධි ආරක්ෂිත කලාපයක් වැනි තැනකි. එය ජනාධිපතිවරයා, අගමැතිවරිය, විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් ඇතුළු බොහෝ දෙනා යන එන, දිනපතා දැවැන්තම උත්සව පවත්වන රටේ ඇති ආරක්ෂිතම තැනකි.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ආරක්ෂාව මුල් කරගෙන පොලිස් අධිකාරීවරයෙක් යටතේ විශාල පොලිස් බල සෙනගක් සහිත ආරක්ෂක කොට්ඨාසයක් පිහිටුවා තිබේ. හයේෂිකා ප්‍රනාන්දු පොලිස් මෝටර් රථයක් සහ පොලිස් ට්‍රැෆික් බයිසිලක් 04ක් ආරක්ෂාවට අරගෙන මහ පාරේ දිව්වේ නැත. ඇය ආවේ බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාව ඇතුළටය. මේ ප්‍රභූ ආරක්ෂාව අහවල් ලබ්බකටදැයි පොලිසියෙන් මිනිස්සු අහනවිට ඔවුන් දැන් කියන්නේ ඇය අදාල ගෙවීම් කර පොලිස් ආරක්ෂාව ලබාගෙන එය අවභාවිතා කළ බවය.

පොලිසිය අවභාවිතා කරලලු

මේවාට කුමක් කියන්නදැයි තේරුමක් නැත. හයේෂිකා ප්‍රනාන්දු පොලිසිය සල්ලිවලට අරන් අවභාවිතා කර ඇත. 119 පොලිස් නිල මෝටර් රථය ඇය ගමන් ගත් රථයට ඉදිරියෙන් යන්නේ අවභාවිතා වෙමිනි. යතුරු පැදි හතර සයිරන් හඬවාගෙන පසුපසින් යන්නේ අවභාවිතා වෙමිනි. මේ රාජකාරි නියෝගය නිකුත් කළ මහ එකාත් ඔය ඩියුටියේ හිටපු උනුත් ඇඳ සිටියේ චීත්තදැයි අපට වැටහීමක් නැත. අඩුම තරමින් මේවගේ පට්ට පීචං වැඩ කිරීමෙන් පසු මේ අවලම් කතා නොකියා සිටීමට තරම් සිහි නුවණක් පොලිසියට නැති බව දැකීම දුකකි.

සල්ලිවලට පොලිසිය අවභාවිතා කළ හැකි බවත් පොලිසිය අවභාවිතාවන බවත් සම්බන්ධ සාමාන්‍ය දැනුමක් මේ රටේ මිනිස්සුන්ට තිබේ. ඒත් ඒ දැනීම මේ ආකාරයෙන් එළිපිට ඔප්පු කිරීම රටකට සුදුසු නැත.

මේ සියල්ල සිදුවන්නේ රටේ ජනාධිපතිවරයා ප්‍රභූ ආරක්ෂාව ප්‍රතික්ෂේප කරද්දීය. රටේ අගමැතිනිය ප්‍රභූ ආරක්ෂාව නොගනිද්දීය. කැබිනට් එකේ කිසිම ඇමතිවරයෙක් එවැනි ආරක්ෂාවක් නොපතද්දී ය. අප බලාගෙන ඉන්නේ දැන් පොලිස්පතිවරයා මේ සම්බන්ධව ලබා දෙන පැහැදිලි කිරීම කුමක්ද කියාය. සිදුවූයේ කුමක්ද කියා දැන් පොලිසිය විමර්ශනයක් කළ යුතුව ඇත. ඒ විමර්ශනයෙන් වැඩිදුර යමක් සිදුනොවනු ඇති බව අපේ හැඟීමය.

කෙසේ වෙතත් මෙවැනි හද්ද ගොබ්බ පීචං වැඩ ඉදිරියටවත් නොකිරීමට තරම් සංයමයක් විනයක් මේ රටේ පොලිසියට ඇති වේවා යන්න අපේ ප්‍රාර්ථනාවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දළදා වන්දනාවට එන බැතිමතුන් පානීය ජල බෝතලයක් ලඟ තබා ගන්න… මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ දන්වයි!

Next Post

දළදා වඳින්න යන රහස් පාර… VIP වැඩේ වෙනවා මහත්තයෝ…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.