යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත කිළිනොච්චි පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කිළිනොච්චි පොලීසිය සමඟ එක්ව සිදුකළ මෙහෙයුමකදී කිළිනොච්චි, පුලියන්පොක්කනෙයි, ධර්මපුරම් ප්‍රදේශයේ නිවසක සඟවා තිබු මිලියන 15 ක් පමණ වටිනා කේරල ගංජා කිලෝ ග්‍රෑම් 85 ක් (පාර්සල් 40 ක්) සමඟ යාපනය උඩුවිල් ප්‍රදේශයේ වයස අවු 28 ක පුද්ගලයෙකු ඊයේ (16) අත් අඩංගුවට ගෙන තිබේ.
ඒ සමග මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහාම වැඩිදියුණු කරන ලද ලොරි රථයක් ද පොලිස් අත් අඩංගුවට ගෙන ඇත. ඉදිරි පරීක්ෂණ කටයුතු කිළිනොච්චි පොලිස් ස්ථානය විසින් සිදු කරනු ලබයි.







