බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

ශ්‍රී ලංකාවේ ගිනිකෙළි ඉතිහාසය!

by editor
අප්‍රේල් 14, 2025
in සංස්කෘතිය
HISTORY
Share on FacebookShare on Twitter

සත්මනු ජයදේව –

ශතවර්ෂ ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකික සැමරුම්වල කොටසක් ලෙස ගිනිකෙළි පැවතුනි. ආගමික උත්සව, විවාහ මංගල්‍යයන් සහ අලුත් අවුරුද්ද වැනි විශේෂ අවස්ථා සනිටුහන් කිරීමට ඒවා භාවිතා විය. ශ්‍රී ලංකාවේ ගිනිකෙළි භාවිතය සංස්කෘතික හා ඓතිහාසික වැදගත්කමක් දරනු ලබන බව කිව යුතුව ඇත.

ගිනිකෙළිවල මුල් කාලීන භාවිතය

ගිනිකෙළි සඳහා මූලිකවන වෙඩි බෙහෙත් සොයා ගන්නා ලද්දේ වසර 2,000 කට පෙර චීනයේ ය. වෙඩි බෙහෙත් ඇසුරින් නිශ්පාදනය කරගන්නා ගිනි කෙළි චීනයේ ඓතිහාසික වශයෙන් පැවතිනි. ඒ වකවානුව වනවිට වැඩෙමින් තිබූ අන්තර්ජාතික වෙළෙඳාම සහ කුතුහලය පිරි මනුෂ්‍යයින්ගේ විදේශ සංචාර හරහා ගලා ගිය දැනුම අනුව ගිනිකෙළි පිළිබඳ අදහස ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවේ අනෙකුත් ප්‍රදේශවලට ද ව්‍යාප්ත වූ බවට ඉතිහාසඥයෝ විශ්වාස කරති. චීන සහ අරාබි වෙළෙඳුන් සමග වෙළෙඳ සබඳතා පැවති පුරාණ රාජධානි සමයේදී ශ්‍රී ලංකාවට ගිනිකෙළි පැමිණි බව විද්වත් මතය වී ඇත.

සාම්ප්‍රදායික සැමරුම්වල ගිනිකෙළි

ශ්‍රී ලංකාවේ, ගිනිකෙළි ප්‍රධාන වශයෙන් ආගමික හා සංස්කෘතික උත්සවවලදී භාවිතා කර ඇති අයුර පෙනේ. ගිනිකෙළි භාවිතා කරන වඩාත් ජනප්‍රිය උත්සවයක් වන්නේ බුදුන්ගේ තෙමඟුල සමරන වෙසක් උත්සවය ය. වෙසක් රාත්‍රියේදී, මිනිසුන් පහන් දල්වා සතුට හා ගෞරවය පෙන්වීමට ගිනිකෙළි කළ ආකාරය පිළිබඳ ඉතිහාසගත සාධක ඇත. බෞද්ධ මහා පෙරහැර අතරතුර ගිනිකෙළි ද බහුලව භාවිතා වී තිබිණි. මහනුවර ඇසළ පෙරහැර ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ උත්සව වලින් එකකි. පෙරහර විචිත්‍ර කරන ප්‍රධාන අංගයක් වූයේ ගිනිකෙළි සන්දර්ශනයන්ය.

සිංහල අලුත් අවුරුදු සමයේ දී ද ගිනි කෙළි භාවිතා කළ ඉතිහාසයක් අප සතුව ඇත. අද ගිනි කෙළි සඳහා බහුලව භාවිතා කරන රතිඤ්ඤා සහ මල්වෙඩි භාවිතය ද එක් පැහැර භාවිතයට පැමිණියක් නොවේ. ලංකාව තුළ රතිඤ්ඤා සහ මල්වෙඩි මුලින්ම භාවිතා කළේ කවදාද යන්න පිළිබඳ නිශ්චිත දිනයක් වාර්තා වී නොමැති වුවද, එම ගිනි කෙළි විධි ලංකාවට පැමිණියේ කවදාද යන්න තේරුම් ගැනීමට අපට ඓතිහාසික ඉඟි දෙස බැලිය හැකිය.

පැරණිම වකවානුව 

ශ්‍රී ලංකාව 5 වන සියවසේ මුල් භාගයේදී වෙළඳාම හරහා චීනය සමඟ සම්බන්ධතා පැවැත්වීය. ක්‍රි.පූ. 200 දී පමණ චීනයේ ගිනිකෙළි සොයා ගෙන සේද මාවත හරහා පැතිර ගිය බැවින්, වෙඩි බෙහෙත් සහ රතිඤ්ඤා 9 වන සහ 13 වන සියවස් අතර කාලයකදී ශ්‍රී ලංකාවට මුල් වරට පැමිණියා විය හැකිය. ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ මෙය විදේශ වෙළඳාම ක්‍රියාත්මක වූ පොළොන්නරුව හෝ දඹදෙණිය යුගයේදී බිහිවන්නට ඇති බවය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

කන්ද උඩරට රාජධානිය තුළ සැමරුම් සඳහා භාවිතා කළ වෙඩි බෙහෙත් ආශ්‍රිතව නිශ්පාදනයවූ රතිඤ්ඤා ආකෘතියේ හඬ නන්වන නිශ්පාදන පිළිබඳ වඩාත් පැහැදිලි වාර්තා දක්නට ලැබේ. පන්සල් උත්සව සහ රාජකීය උත්සව වලදී රතිඤ්ඤා ආකරයේ හඬ නන්වන නිශාපාදන බොහෝ විට භාවිතා කර ඇත. විශේෂයෙන් ආගමික චාරිත්‍ර නිවේදනය කිරීමට හෝ සැමරීමට ද මෙම වෙඩි හඬ උපයෝගී කරගෙන තිබිණි.

යටත් විජිත සම යේ දී (1505–1948): පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය පාලනය යටතේ, විශේෂයෙන් නත්තල් සහ අලුත් අවුරුද්ද වැනි කතෝලික සහ ක්‍රිස්තියානි උත්සවවලදී ගිනිකෙළි වඩාත් සුලභ විය. ප්‍රාදේශීය ප්‍රජාවන් බටහිර විලාසිතාවේ ගිනිකෙළි සාම්ප්‍රදායික සිරිත් විරිත් සමඟ ඒකාබද්ධ කිරීමට පටන් ගත් අතර, රතිඤ්ඤා සහ මල් වෙඩි බොහෝ ශ්‍රී ලාංකික සැමරුම්වල කොටසක් බවට පත් කළේය.

නූතන යුගය

20 වන සියවස වන විට, රතිඤ්ඤා සහ මල් වෙඩි ශ්‍රී ලංකාව පුරා බහුලව භාවිතා වූයේය, විශේෂයෙන් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද, වෙසක්, දීපවාලි සහ විවාහ මංගල්‍යයන් සඳහා මල් වෙඩි සහ රතිඤ්ඤා භාවිතා වේ. මේ වනවිට ගිනි කෙළි නිශ්පාදනය පාරම්පරිකව සිදුකරන එය ජීවන වෘත්තිය කරගත් පිරිස් කේන්ද්‍රගත වී සිටින ප්‍රධානම ස්ථානය කිඹුලාපිටිය ය. ගිනි කෙළි නිශ්පාදනය සහ භාවිතය සිදුවන්නේ නිශ්චිත නියාමනයන්ට යටත්වය.

මේ වනවිට ඔබට ඇසෙන රතිඤ්ඤා හඬ පසුපස ඔබ දකින විචිත්‍ර මල් වෙඩිල්ලක් පසුපස තවමත් නිශ්චිතව හෙළි දරවු කරගත නොහැකි වූ ඉතිහාසයක් ඇත. මෙය පර්යේක්ෂකයෙකුට අවශ්‍ය ආකර්ශනීය පර්යේෂණ ප්‍රවේශයක් විවර කරන බව විශ්වාස කරමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කන්තලේ බස් ලොරි ගැටුමක්… එක් අයෙක් මරුට… 26ක් රෝහලේ…

Next Post

බලහත්කාරයෙන් හිර කරගෙන සිටි දරුවෙක් නිවසේ 2වැනි මහලෙන් බිමට පැනලා… බරපතල තුවාල සහිතව රෝහලේ…

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.