ලලිත් චාමින්ද –
විෂ මත් ද්‍රව්‍ය , හෙරොයින් ග්‍රෑම් 30යි මිලිග්‍රෑම් 190 සහ , අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40 මිලිග්‍රෑම් 830 ක් සමඟ බන්ධනාගාර නියාමකවරයකු ඊයේ (11) රාත්‍රි අක්මිමන සදර්න්කෝට් ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බැව් අක්මිමන පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා ගාල්ල බන්ධනාගාරයේ රාජකාරිකරමින් සිටි අයෙකි.
ඔහු 34 හැවිරිදිවියේ පසුවන මාතර තුඩාව ප්‍ර දේශයේ පදිංචි 34 හැවිරිදිවියේ පසුවන එක්දරුපියෙකි. සැකකරු මත්කුඩු පානයටද ඇබ්බැහි වි සිටින අයෙකු බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. සැකකරු මිතුරකු හමුවිම සදහා අක්මිමන සදර්න් කෝට් ප්‍ර දේශයට පැමිණ සිටියදි අක්මීමන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික නාගහවත්තට පුද්ගලක ඔත්තුකරුවකුගෙන් ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 15ක් පමණ වන බැව් පොලිසිය පවසයි.
සැකකාර බන්ධනාගාර නියාමකවරයා දිගින් දිගටම මත්කුඩු ජාවාරමේ නිරතව සිටි පුද්ගලයෙකුද යන්න තහවුරුකරගැනිම සදහා වැඩිදුර පරික්ෂණ පැවැත්වේ.
සැකකරු අද (12) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.







