ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල කණ්ඩායම IMF විස්තීර්ණ අරමුදල් පහසුකම් විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනයට පාදක වන ආර්ථික ක්‍රියාකාරිත්වය සහ ප්‍රතිපත්ති පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සමඟ ඉතා ඵලදායී සාකච්ඡා පැවැත්වූ බව නිවේදනය කරයි.
මේ මස 03 දා සිටි 11වන දා මෙරටට රැඳී සිටි IMF නියෝජිත කණ්ඩායම ප්‍රකාශ කරන්නේ සිවුන සමාලෝචනයට අදාල කාර්ය මණ්ඩල ගිවිසුමට එළඹීමට ශ්‍රී ලංකාවට ඉක්මනින් හැකිවනු ඇති බවය.
ශ්‍රී ලංකා රජය වැඩසටහනේ අරමුණු සඳහා කැපවී සිටින අතර ක්‍රියාත්මක කිරීම ශක්තිමත් සහ ප්‍රශංසනීය නමුත් බාහිර කම්පනයන්ගෙන් ශ්‍රී ලංකාවට ඇති ඇඟවුම් තක්සේරු කිරීමට වැඩි කාලයක් අවශ්‍ය වන බව එම නිවේදනයේ දැක්වේ.
ගෝලීය අවිනිශ්චිතතාවය වැඩි වන මෙම කාල පරිච්ඡේදය තුළ වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණ ගම්‍යතාව පවත්වා ගෙන යන පරාමිතීන් සහ ප්‍රතිපත්ති පිළිබඳ කෙටි කාලීන එකඟතාවකට පැමිණීම සඳහා සාකච්ඡා දිගටම කරගෙන යන බවද ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල පවසයි.
ඒ අනුව කාර්ය මණ්ඩල එකඟතාවයන්ට එළැඹීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් මෙම 16 වෙනිදා ඇමෙරිකාව බලා පිටත්වීමට නියමිතය. අදාල නිවේදනය පහත සදහන් දිගුවෙන් ලබා ගත හැකිය.
https://www.imf.org/en/News/Articles/2025/04/11/pr25012-srilanka-imf-staff-team-concludes-visit







