හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.
ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුව මෙලෙස කැඳවා ඇතැයි වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ දී ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් වූ චෝදනාව මත කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේ පෙබරවාරි මස 02 වෙනිදා අත්අඩංගුවට ගන්නා ලදී. මේ වනවට ඔහු සිටින්නේ ඇප මත නිදහස්වී ය.







