බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරය ගැන රහසිගත තොරතුරු තිබේ නම් මාධ්‍ය සාකච්ඡා තබමින් නොගොස් පුරවැසියෙක් හා බුද්ධ පුත්‍රයෙක් ලෙස වගකීම් සහගතව තොරතුරු විමර්ශන අංශ වෙත ලබා දෙන්න… ආණ්ඩුව ඤාණසාර හිමිට කියයි!

විමර්ශන පවත්වන්නේ ජනාධිපතිතුමා නෙමෙයි... අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව... නලින්ද ජයතිස්ස ඤාණසාර හිමිට සිහි කරවයි!

by editor
මාර්තු 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් සතුව පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනයට ඔබ්බෙන් ඇති විශේෂ රහසිගත තොරතුරක් ඇත්නම් පුරවැසියෙක් හා බුද්ධ පුත්‍රයෙක් ලෙස උන්වහන්සේ ගේ වගකීම මාධ්‍ය සාකච්ඡා පවත්වමින් යෑම නොව එම තොරතුර විමර්ශන අංශ වෙත විධිමත්ව ලබා දීම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස අද ( 26) පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව උන්වහන්සේ සතුව ඇති බව කියන විශේෂ තොරතුරක් ජනාධිපතිවරයාට ලබා දීමට කැමැත්තෙන් පසුවන බැවින් එම තොරතුර ලබා ගැනීමට රජය යුහුසුළු නොවන්නේ දැයි මාධ්‍යවේදියෙක් ඇසූ පැනයට පිළිතුර දෙමිනි.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මේ සිද්ධිය ගැන විමර්ශන කරන්නේ ජනාධිපතිවරයා නොව අදාල විමර්ශන අංශ බවය. අවශ්‍යතාවය මත ඤාණසාර හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවනු ඇති බව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවයා කීවේය.

ඔහු කීවේ මෙවැන්නකි.

“ගරුතර ඤාණසාර හිමි කියන ප්‍රකාශය විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක දී පුරවැසියන් සියලු දෙනාටම වගකීමක් තියනවා තමන් යම් තොරතුරක් දන්නවා නම් ඒ තොරතුර අදාල තැන්වලට ඉදිරිපත් කරන්න.”

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

“ජනාධිපතිවරයා නෙමෙයි පරීක්ෂණ කරන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. උන්වහන්සේ දන්නවා බුද්ධි අංශවල ඉන්නෙ කවුද කියලා. උන් වහන්සේට බොහොම පැහැදිලිව කියන්න පුලුවන් ගිහින් මෙන්න මගේ ලඟ තොරතුරක් තියනවා. දැනට අපරාධ පරීක්ෂණ දෙපාරේතමේන්තුවෙ කරන විමර්ශනවලට වඩා එහා ගිය තොරතුරක් මා සතුව තිබෙනවා කියලා දෙන්න පුලුවන්කමක් තියනවා.”

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බොහොම මහන්සිවෙලා මේ සම්බන්ධයෙන් මේ නෙට්වර්ක් එක නිරාවරණය කරගෙන යනවා. මේ අවස්ථාවේ දී උන්වහන්සේ ගේ යුතුකම සහ වගකීම තමයි තමන් ලඟ එහෙම වෙන කවුරුත් නොදන්නා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයින්ගෙන් ඔබ්බට ගිය ඉතාම වැදගත් සහ රහසිගත තොරතුරක් තියනවා නම් ඒ තොරතුර දැනුම් දෙන එක. එහෙම නැතිව මාධ්‍ය සාකච්ඡා තියමින් යන එක නෙමෙයි මම හිතන්නේ වගකීම පුරවැසියෙක් හා බුද්ධ පුත්‍රයෙක් හැටියට.”

මාධ්‍ය – “තොරතුරු දැනගෙන තොරතුරු වසන් කිරීම වරදක් නේද?”
නලින්ද – “ඔව්… ඒක නීතියෙන් වරදක්. මට ඒ ගැන දැන් කියන්න බෑ. ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පරීක්ෂණයට කොයිතරම් අදාලයි ද නැද්ද කියන එක මත ඒ කැඳවීම සිදුකරාවි.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශබන්දුට එරෙහි යෝජනාව අද පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට….

Next Post

සිරි දළදා ප්‍රදර්ශනයට පස්සේ මැතිවරණයට දින නියම වුනේ විපක්ෂ නිසා… රජය කියයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.