මාතර මහේස්ත්රාත් අධිකරණයෙන් නිකුත් කළ නියෝගය අත්හිටුවන ලෙස අතුරු නියෝගයක් ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් විසින් ගොනු කරන ලද රිට් පෙත්සම අද (17) අභියාචනාධිකරණය ප්රතික්ෂේප කළේය.
මාතර මහේස්ත්රාත්වරයාගේ නියෝගයෙන් පසුව, තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස දේශබන්දු තෙන්නකෝන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
දැනට අනිවාර්ය නිවාඩු මත සිටින තෙන්නකෝන් විසින් ඔහුට එරෙහිව නිකුත් කර ඇති අත්අඩංගුවට ගැනීමේ නියෝගය නැවැත්වීමේ උත්සාහයක් ලෙස මෙම පෙත්සම ගොනු කරන ලදී.
2023 වැලිගම හෝටලයක සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහේස්ත්රාත් අධිකරණය ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබුණි.
මාතර මහෙස්ත්රාත් අධිකරණය දී ඇති නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමට අදාළව නියෝගය නිකුත් කරන්නට පෙර ඔහුගේ නීතිඥවරු විසින් අභියාචනාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබිණි.
එම මෝසම මඟින් දන්වා ඇත්තේ මෙම නඩුකරයට අදාළ තවත් ලේඛන කිහිපයක් ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන ලෙසය







