සේවක අර්ථසාධක අරමුදල (EPF) සේවකයින්ට ලබා දී නොමැති රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන 22,450ක් හඳුනාගෙන ඇති බව කම්කරු අමාත්‍යාංශය පවසයි.
නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසන්නේ මේ සම්බන්ධයෙන් අදාළ ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවය.
සේවකයින්ට අදාළ EPF ගෙවීම් ලබා දීමට ද අදාළ පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.







