ශ්‍රියානි විජේසිංහ –
අනුරාධපුර රෝහල් නේවාසිකාගාර පරිශය තුළ වෛද්‍යවරිය දූෂණය කර පළා ගිය දූෂකයා හෙට (12) උදෑසන වන වට අත්අඩංගුවට ගැනිමට නොහැකි වුවහොත් දැනට අනුරාධපුරු ශික්ෂණ රෝහල තුළ පමණක් ආරම්භ කර තිබෙන වෛද්‍ය වැඩ වර්ජනය උතුරු මැද සියලුම රෝහල්වෙත ව්‍යාප්ත කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ විධායක සභාව අද (11) සවස තීරණ කර ඇත.
හෙට (12) දිනය තුළදීත් සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වුවහොත් උතුරු මැද පළාත තුළ ආරම්භ කරන ලද වැඩ වර්ජනය දීප ව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කිරීමට ද සංගමය තීරණය කළ බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේය.
කෙසේ නමුත් දූෂණයට ලක් වූ වෛද්‍යවරියගේ අනන්‍යතාව සහ පෞද්ගලිකත්වයට හානිවන කිසිම තොරතුරක් හෙළි නොකරන ලෙස ඇයගේ දෙමාපියන් සහ ඥාතින් ඉල්ලිමක් කර ඇතැයිද සංගමය අවධාරණය කරයි.
මේ අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලීන්ද ජයතිස්ස විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සියලුම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයෙන් ඉල්ලා ඇත්තේ වෛද්‍යවරියගේ අනන්‍යතාව හෙලි කිරීමෙන් වලකින ලෙසයි.
වෛද්‍යවරිය අමානුෂික ලෙස දූෂණයට ලක් වූ පුද්ගලයාව අත් අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණ වීමට අවශ්‍ය සියලුම කටයුතු සිදුකරන බව සෞඛ්‍ය ඇමතිවරයා සංගමයට ප්‍රකාශ කර ඇත.
සිද්ධියට අදාල සැකකරු අත්අඩංගුව ගෙන නීතිය ක්‍රියාත්මක කිරිමට සම්බන්ධයෙන් අවශ්‍ය ඔීනෑම මොහොතකදී තමන්ගේද සහයෝගය ලබා දීමට විශේෂඥ වෛද්‍යවරුන්ද කටයුතු කරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කර සිටියි.







