බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැබිනට් එකට දැම්මාය කියන බටලන්ද කොමිසම ගැන සිහි කිරීමක්!

by editor
මාර්තු 10, 2025
in පුවත්
batalanda
Share on FacebookShare on Twitter

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත් එහි නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසත් පාර්ශව රැසක් මේ වනවිට ඉල්ලා තිබේ. ආණ්ඩුව පාර්ශවයෙන් ආරංචි වන්නේ  අද කැබිනට් රැස්වීමට බටලන්ද කොමිසම සම්බන්ධව සාකච්ඡා කරන බවය.

88 -90 කාලය තුළ සිදුවීම් විමර්ශනය කළ මේ කොමිෂන් වාර්තාව සම්බන්ධව නැවතත් රටේ සංවාදයක් ඇති වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල් ජසීරා රෑපවාහිනියේ හෙඩ්ට් ටු හෙඩ් වැඩසටහනේ දී කරුණු කීපයක් සමගය.

වසර 17ක් පැරණි එක්සත් ජාතික පක්ෂ පාලනය නිමා කරමින් 1994 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති ධූරයට පත් වන්නීය. ඒ 88-90 කාලය තුළ සිදුවූ අතුරුදහන්වීම්වලට සහ ඝාතනවලට සාධාරණයක් සිදුකරන බවට පොරොන්දු වෙමින් ඇය බලයට පත්වන්නීය.

1994 බලයට පත්වන ඇය 1995 සැප්තැම්බර් මස 21 වැනිදා නිකුත් කළ නිවේදනයකින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළාය. ඒ සුප්‍රකට බටලන්ද පරික්ෂණ කොමිෂන් සභාවය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

රාජ්‍ය පොහොර නිශ්පාදන සංස්ථාවට අයත්ව තිබූ බියගම බටලන්ද නිවාස යෝජනා ක්‍රමය තුළ තිබූ නිවාස තුළ නීති විරෝධීව තරුණයින් රඳවාගෙන වද හිංසා කිරීම මරා දැමීම හෝ අතුරුදහන් කිරීම පිළිබඳ සොයා බලා වගකිව යුතු පුද්ගලයින් හඳුනාගෙන නිර්දේශ වාර්තා කිරීම කොමිසමට පැවරුණු වගකීම විය.

එවක අභියාචනාධිකරණ විනිසුරු ඩි. ජයවික්‍රමගේ සභාපතිත්වයෙන් යුතුවූ මෙම කොමිසමේ අනෙක් සාමාජිකයින් වූයේ මහාධිකරණ විනිසුරු එන්.ඊ දිසානායකය.

විමර්ශනයට සහාය වීමට පොලිස් නිලධාරින් කණ්ඩායමක් ද අනුයුක්ත කළේය. නීතිපති දෙපාර්තමේන්තුව සාක්ෂි මෙහෙයවනු ලැබුවේය.

වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, එවකට රජයේ නීතිඥ යසන්ත කෝඳාගොඩ සහ වත්මන් ජනාධිපති නීතිඥ සනත් ජයමාන්න නීතිපති දෙපාර්තමේන්තවෙන් ඒ සඳහා පත් කෙරිනි.

කොමිසම අවස්ථා 12කදී කාලය දීර්ඝ කරමින් 1998 මාර්තු 29 වැනිදා එවක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට භාර දුන්නේය.

රනිල් වික්‍රමසිංහ එවක කර්මාන්ත ඇමතිවරයාය. බටලන්ද නිවාස සංකීර්ණය එවක පැවතියේ කර්මාන්ත අමාත්‍යාංශයටය. කොමිසේ සාක්ෂිවලින් හෙළි වූ කරුණු අනුව A2/2, A2/1, A2/3, A1/8, B2, B1,B7 යන නිවාස භාවිතා කර තිබුණේ රනිල් වික්‍රමසිංහය. එවකට පෑලියගොඩ ස්ථානාධිපතිවරයා වූ ඩග්ලස් පීරිස් ඇතුලු පොලිස් කණ්ඩායමකටත් මෙම නිවාස සංකීර්ණයේ නිවාස ලබා දී තිබූ බවත්, කොමිෂන් සභාවෙන් අනාවරණය වූයේය.

කැලණිය කඩාකප්පල් ක්‍රියා මාර්ධනය කිරීමේ ඒකකයේ නිලධාරීන්ට ද ඒ නිවාස සංකීර්ණය තුළ නිවාස 13ක් වෙන් කර තිබිණි.

බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ සඳහන්ව තිබුණේ එක් නිවසක් රනිල් වික්‍රමසිංහගේ කාර්යාලයක් ලෙසද පවත්වාගෙන ගොස් තිබුණු බවය.

අනෙක් නිවාස ලබා දීමේ රනිල් වික්‍රමසිංහගේ උපදෙස් හා නියෝග ක්‍රියාත්මක කර තිබූ බවට වාර්තාවෙන් හෙලිදරවු වූයේය.

බටලන්ද කොමිසම හමුවට රනිල් වික්‍රමසිංහ ද කැඳවා කරුණු විමසා තිබිණි.

අවුරුදු 03කට ආසන්න කාලයක් සාක්ෂි රැස් කර සකසක් කළ බටලන්ද කොමිෂන් සභා වාර්තාව අවසානයේ කරුණු කීපයක් නිර්දේශ කර තිබිණි. ඉන් ප්‍රධාන නිර්දේශය වූයේ මෙම වධකාගාර සිදුවීමට අදාල මහජන නියෝජිතයින් සහ පොලිස් නිලධාරින් මානව අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝණය කර ඇති බැවින් ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට අවශ්‍ය අතිරේක බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පවරන ලෙසය.

විධායකය නියෝජනය කළ පුද්ගලයා දඬුවම් විඳීමට සිදුවනු ඇතැයි බියක් නොමැතිව පිට පිටම නීතිය උල්ලංඝණය කර ඇති බවද කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශවල දැක්විනි.

වාර්ාව එවකට ජනාධිපතිනිය වෙත භාර දුන්න ද එහි නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක වුනේ නැත. ඒ පිළිබඳව එවක මාධ්‍ය වේදීහු රජයෙන් ප්‍රශ්න කළහ. එවිට එවක රජයේ ප්‍රබලයෙක් වූ මංගල සමරවීර දැක්වූයේ මෙවැනි අදහසකි.

“එතුමිය අදත් ඒ වාර්තාව ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කරනවා. එතුමිය කියන්නේ මම කැමති නෑ මගේ ප්‍රධාන දේශපාලන විරුද්ධවාදියා, එහෙම නැතිනම් මේ රටේ විපක්ෂ නායකවරයාට එදා එක්සත් ජාතික පක්ෂය විසින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට කරපු දේ කරනවයි කියන චෝදනාව අහන්න අකැමැති නිසා. විශේෂයෙන්ම එතුමියගේ මැතිවරණය අවසන්වන තෙක් මෙය ඉදිරිපත් කරන්නෙ නෑ කියන තීර්ණයේ තමයි එතුමිය ඉන්නේ. ”

” මේ මැතිවරණයෙන් පස්සේ, විශේෂයෙන්ම ඉදිරියේ දී මේ සම්පූර්ණ වාර්තාව මේ රටේ ජනතාවගේ දැනගැනීම සඳහා ජනතාධිකරණයට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.” මංගල සමරවීර චන්ද්‍රිකා වෙනුවෙන් එසේ කීවේය.

බටලන්ද කොමිසමේ තීරණ සහිත IX වැනි පරිච්ඡේදය පහත දිගුවෙන් කියවිය හැකිය…

batalanda_commission_report_chapter_9_11zon

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විහාර දේවාලගම් පනත සංශෝධනය කර සංඝ සංස්ථාව විධිමත් කරගැනීමේ බලය මහානායක හිමිවරු ප්‍රමුඛ සංඝ සභාවට පවරනවා… ජනපති කියයි!

Next Post

අන්තවාදී ක්‍රියාකාරකම් ගැන බුද්ධි අංශ අවධානයට ලක් වූ කල්මුණේ වෛද්‍ය රායිස් බීබීසී ට කතා කරයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.