විදේශගත ශ්‍රමිකයින් සඳහා කිසිදු නව බද්දක් පනවා නැතැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න විසින් මතුකළ පැනයකට පිළිතුරු දෙමිනි. කිසිම අවස්ථාවක මාධ්‍ය මගින් වාර්තා කරන තොරතුරු ඒ ලෙසින්ම පිළිනොගන්නා ලෙස ඇමතිවරිය පොදුවේ ඉල්ලා සිටියාය.
“විදේශගත ශ්‍රමිකයන් වෙත අලුත් බද්දක් පනවා ඇතැයි කියන කතාව පදනමක් රහිත බොරුවක් බවත් එවැනි බද්දක් කිසිසේත්ම අයවැය තුළ කිසිම සඳහනක් නැති බවත් අගමැතිනී ආචාර්ය හරිනී අමරසූරිය පැවසුවාය.”
“මේක පටලවාගෙන ඇත්තේ විදේශ ගත සේවා සැපයීමේ දී අය කරන බද්ද. මාධ්‍ය තුළ බොහෝ වෙලාවට වැරදි කරුණු ඉදිරිපත් වෙනවා. විදේශ සේවාවන් සඳහා සඳහා පැනවූ බද්ද ගිය ආන්ඩුවේ සියයට 30කට තිබ්බ එක සියයට 15කට අඩු කළා. ”
“මේක තමයි විවිධ පාර්ශව වැරදි විදිහට අර්තකථනය කරලා තියෙන්නේ. නැවත වරක් මම අවධාරණය කරනවා විදේශයන්හි වැඩ කරන ශ්‍රි ලාංකිකයන්ට අලුත් බද්දක් පනවා නැහැ. සහ අපිත් මාධ්‍යවල තියන දේවල් ඒ ලෙසම පිළිගත නොයුතුයි. “







