බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කජ්ජා ඝාතනයට මුල්වන ගැටුම ඇතිවන්නේ පොලිස් කුපාඩිකමක් නිසා දැයි සැකයක්!

by editor
මාර්තු 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අරුණ විදානගමගේ හෙවත් මීගස්ආරේ කජ්ජා සහ ඔහුගේ සිඟිති දරු දෙදෙනා ඝාතන අපරාධය පසුපස ඇඹිලිපිටියේ ඉහළ පොලිස් නිලධාරීන ද ගෑවී සිටින බවට විමර්ශන අංශවලට තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ සැකකාර කුලී ඝාතකයා අත් අඩංගුවට ගත් පසු අනාවරණයවන සිදුවීම් ජාලය විශ්ලේෂණය කරනවිට කජ්ජා ඝාතනය වන්නේ ඇඹිලිපිටිය ඉහළ පොලිස් නිලධාරීන් විසින් සිදුකළ පාවාදීමක ප්‍රතිඵලයක් ලෙස දැයි මේ වනවිට විමර්ශන අංශවලට සැක පහළ වී ඇත.

2022 ජූලි මස 11 වැනිදා ඇඹිලිපිටිය නගරයේ ඇඹිලිපිටිය පොලිසියට නුදුරින් දෙවැනි පටුමගේ ටෙලිකොම් කාර්යාලය අසල පිහිටි නිවසක තිබී අල්ලා ගන්නා ලද කෝටි 50ක වැඩි වටිනාකමක් සහිත මත්ද්‍රව්‍ය තොගය පිළිබඳ ඔත්තුව පොලිසිය වෙත ලබා දී තිබුනේ මීගස්ආරේ කජ්ජා විසින් බව අනාවරණය වී ඇත.

පොලිස් මත්ද්‍රවය කාර්යාංශයට හෝ ප්‍රධාන විමර්ශන අංශවල ඇස් වසා ඉතාම සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය මෙම ආරක්ෂිත නිවස තුළ ගබඩා කර තිබුණේ හරක්කටාට අයත් මත් කුඩු ජාලයේ මත්කුඩු තොගයක් වන අතර එම මත්කුඩු සම්බන්ධ ජවාරම මෙහෙයවනු ලැබ තිබුණේ බැකෝ සරත් නැමැති හරක්කටාගේ ගෝලයා සහ ඔහුගේ බිරියත් නැන්දම්මාත් විසිනි.

වාර්තාවන පරිදි මෙම මත්කුඩු තොගය අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී එම මත්කුඩුවලින් ද ප්‍රමාණයක් සොරකම්කළ බවට චෝදනා ලද ඇඹිලිපිටිය පොලිස් ලොක්කන් මත්කුඩු පිළිබඳ ඔත්තුව ලබා දුන් මීගස්ආරේ කජ්ජා සම්බන්ධව ද හරක්කටාගේ පාර්ශවයට හෙළිදරවු කර ඇතැයි සැක පහල වී ඇත.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

මේ සමගම බැකෝ සරත් සහ මීගස්ආරේ කජ්ජා අතර ගැටුමක් ඇති වී ඇත. මින් පෙර එක් අවස්ථාවක බැකෝ සරත් විසින් කජ්ජාට කුලී ඝාතකයින් ලවා වෙඩි තබනු ලැබුවත් ඔහු එම වෙඩි ප්‍රහාරයෙන් ගැලවී තිබේ. මේ සමගම කජ්ජාගේ ප්‍රතිප්‍රහාරයට පෙර බැකෝ සරත් ඩුබායි වෙත පැන ගොස් ඇත.

මේ වනවිට මීගස්ආරේ කජ්ජා පොලිස් වෙස් ගෙන සූදු පොලවල් කොල්ලකෑම ඇතුළු කොල්ලකෑම් මාලාවක් රහසිගතව කරගෙන ගොස් තිබේ. මේ පිළිබඳව හොඳින්ම දන්නා ඩුබායි සිටින බැකෝ සරත් කජ්ජා ඝාතනය කිරීමට මේ කරුණ අවස්ථාවක් කරගෙන ඇත.

බැකෝ සරත් විසින් මෙහයවනු ලැබූ පොලිස් නිලධාරියෙක් ලවා කජ්ජාට පොලිස් වෙස් ගැනීමට අවශ්‍ය මාංචු කුට්ටමක් ලබා දීමට සැලසුම් කර එම මාංචු කුට්ටම රැගෙන යෑමට පැමිණෙන වෙලාවට නිශ්චිත ස්ථානයක ඝාතකයින් යොදවා මෙම ත්‍රිත්ව ඝාතනය සිදුකරන්නේ බැකෝ සරත් ගේ සැලසුමක් සහ ඔහු ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මතය. පොලිස් නිලධාරියා විසින් ලබා දුන් මාංචු කුට්ටම කජ්ජා ඝාතනය වූ ස්ථානයේ තිබී හමුවූයේය.

තමන් වෙත හරක්කටාගේ පාර්ශවයෙන් මොන අවස්ථාවක හෝ ප්‍රහාරයක් එල්ලවන බවට සැක කළ කජ්ජා ඔහු යන සෑම තැනකම මෙලෝ හසරක් ජීවිතය ගැන නොදන්නා සිය සිඟිති දරුවන් දෙදෙනා තමන්ගේ ආරක්ෂක පලිහක් ලෙස යොදාගෙන ඇති බව ද විමර්ශන අංශ හෙළි කරගෙන ඇත.

මේ තත්ත්වය තුළ ඔහුට ඉලක්කය ගැනීමට කළ උත්සාහයන් වැළකී ඇති බවත් මෙවර ඔහුගේ දරු දෙදෙනා ද ඝාතනය කිරීමට බැකෝ සරත් ගේ උපදෙස් මත වෙඩික්කරුවන් ක්‍රියාත්මක වන්නේ ඒ නිසා බවත් විමර්ශකයින්ට පෙනී ගොස් තිබේ.

කජ්ජා ඝාතනය කළ තැන හමුවූ මාංචු කුට්ටම ලබා දුන් පොලිස් නිලධාරියා සහ ඝාතනය සඳහා ටී -56 උණ්ඩ ලබා දුන් නිලධාරියාත්  හරක්කටාගේ මත්කුඩු ජාලය අතර ඇති සම්බන්ධය ද මේ සමග හෙළිදරවු වෙමින් ඇත.

මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇති  මෙම ත්‍රිත්තව ඝාතනයේ සැකකාර ඝාතකයා 42 හැවිරිදි වියේ පසුවන්නෙකි. ඔහුගෙන් කළ ප්‍රශ්නකිරීම්වල දී ඝාතනය සඳහා යොදා ගත් බවට සැක කරන යතුරුපැදිය ගල්වලක සඟවා තිබිය දී සොයාගෙන ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මර්වින් සිල්වා CID අත් අඩංගුවට…

Next Post

ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දී විශේෂ අධ්‍යාපන විශේෂඥ ගුරුවරුන්ට වෙන කවදාටත් වඩා විශාල කාර්ය භාර්යයක්…

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.