මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ විසින් මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ එම ධූරයෙන් පහකර ඇත.
නගරාධිපති ධූරයෙන් ඩල්ජිත් අළුවිහාරේ පහ කිරීමට ආදළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (02) නිකුත්කර තිබේ.
නගරාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිලි හා චෝදනා ගණනාවක් සැලකිල්ලට ගනිමින් සංශෝධිත මහ නගර සභා ආඥා පනත යටතේ ඔහු වැරදි සිදුකර ඇද්ද යන්න පිළිබඳ මාස තුනක කාලසීමාවක් තුළ පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කිරිම සඳහා කොමිෂන් සභාවක් පත් කිරීමට ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබිණි.ඒ සම්බන්ධ විමර්ශනයක් සිදුකිරීම සඳහා විශ්‍රාමලත් විනිසුරුවරියක වන සරෝජනී කුසලා වීරවර්ධන පත් කෙරුණු එම විමර්ශන වාර්තාව පසුගිය 24 දා ඇය විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා වෙත භාරදෙනු ලැබීය.
මාතලේමහ නගර සභාවේ නගරාධිපතිවරයාට ඉදිරිපත් වු තිබු චෝචනා පිළිබඳව විමර්ශණය කළ කමිටු වාර්තාව ආණ්ඩුකාරවරයා වෙත පිළිගැන්වූ අයුරු
අදාළ වාර්තාවේ ඇතුළත් කරුණු මත පදනම්ව මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා සිය ධූරයේ කාර්යයන් හා කර්තව්‍යයන් ඉටු කිරීමේදී මහ නගර සභා ආඥාපනතේ (252 අධිකාරිය) 277 (I)(අ), (ඇ).(ඈ) සහ (ඉ) වගන්ති වල සදහන් වැරදි සිදුකර ඇති බවට සාක්ෂි පවතින බැවින් මහා නගර සභා ආඥා පනත යටතේ පළාත් ආණ්ඩුකාරවරයාට පැවරී ඇති බලතල අනුව මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ඩල්ජිත් අළුවිහාරේ ආණ්ඩුකාරවරයා විසින් ධූරයෙන් පහකර ඇත.
ආදාළ විමර්ශනය ආරම්භ කරමින් නගරාධිපතිවරයාව පසුගිය අගොස්තු මස ධූරයෙන් තාවතාලිකව ඉවත් කරනු ලැබූ අතර ආණ්ඩුකාරවරයා විසින් නගරාධිපතිවරයාගේ කාර්යන් ඉටු කිරීම සඳහා නියෝජ්‍ය නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා ගැසට් නිවේදනයෙන් මගින් පත්කර තිබිණි.