කීර්ති ප්‍රනාන්දු –
අද 18 මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසයි .
එහෙත් බනිස් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමක් සිදු නොකරන බව ඔහු කියා සිටී .
තිරිඟු පිටි කිලෝවක් රුපියල් දහයකින් මිල අඩු කිරීම තුළ පාන් ගෙඩියක මිල අඩු කළ හැක්කේ රුපියල් තුනකින් බවත් අමාත්‍යවරයා විසින් පාන් ගෙඩියක් රුපියල් දහයකින් අඩු කරන ලෙස කරන ලද ඉල්ලීම සැලකිල්ලට ගෙන පාන් ගෙඩියක මිල අද (18) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් දහයකින් අඩු කිරීමට තම සංගමය තීරණය කළ බවත් සභාපතිවරයා පැවසීය .
නමුත් පිටි මිලට සාපේක්ෂව බනිස් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන වල මිල අඩුකළ නොහැකි බව පවසන සභාපතිවරයා පාන් මිල රුපියල් දහයකින් අඩු කිරීමද තුළින්ද බේකරි හිමියන් හට පාඩුවක් සිදුවන බවද කීය .
පිටි මිල අඩු කරන ලද පිටි සමාගම් දෙක මගින් මීට පෙර බේකරි හිමියන් හට පිටි කිලෝවක් අලෙවි කරනු ලැබුවේ රුපියල් 190 කට බව පවසන සභාපතිවරයා පිටි කිලෝවක් සඳහා රුපියල් දහයක මිල අඩු කිරීම සිදුකළද තම කර්මාන්තකරුවන් හට එම සමාගම් විසින් පිටි අලෙවි කරනු ලබන්නේ රුපියල් 180කට යැයි කීවේය.
එම මිල ගණන් යටතේ පිටි මිලදී ගෙන පාන් ගෙඩියක් රුපියල් දහයකින් මිල අඩු කරනු ලැබුවේද බේකරි හිමියන් විසින් විශාල පාඩුවක් දරා ගනිමින් බවද වැඩිදුරටත් පැවසීය







