ලලිත් චාමින්ද –
මන්නාරම සහ පුනරින්හි මෙගාවොට් 500ක ධාරිතාවයෙන් යුත් පූනර්ජනනිය බලශක්ති බලාගාර ඉදිකිරිමේ ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගම වෙත පිරිනමනවිට එම ව්‍යාපෘතිවල මුලික සංවර්ධන කටයුතු සඳහා ශ්‍රිලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් රුපියල් මිලියන 261.7 මුදලක් වැයකොට ඇති බවත් එම මුදලින් නැවත එම අධිකාරිය විසින් අයකරගෙන ඇත්තේ රුපියල් මිලියන රුපියල් මිලියන 112.5 පමණක් බවත් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
විගණනය ප්‍රශ්න කරන්නේ මිලියන 149.2ක මුදලක් අඩුවෙන් අයකරගත්තේ කුමණ පදනමකින්දැයි පැහැදිලි කළ යුතු බවය.
අදාල තොරතුරු පෙළ ගැසෙන්නේ මෙසේය.
මන්නාරම සහ පුනරින්හි මෙගාවොට් 500ක ධාරිතාවයෙන් යුත් පූනර්ජනනිය බලශක්ති බලාගාර ඉදිකිරිමේ ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගම වෙත පිරිනමනවිට එම ව්‍යාපෘතිවල මුලික සංවර්ධන කටයුතු සඳහා ශ්‍රිලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් රුපියල් මිලියන 261.7 මුදලක් වැයකොට තිබිණි.
වැයකරණු ලැබු මෙම මුදල ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රිලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් 2022 වර්ෂයේ නොවැම්බර් මස 08 දිනැති ලිපිය මගින් අදාල ව්‍යාපෘති සංවර්ධකගෙන් ඉල්ලිම්කොට තිබුණි.
පසුව සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ව්‍යාපෘති සංවර්ධකගෙන් ලැබියයුතු මුදල රුපියල් මිලියන 112.5ක් ලෙස අඩුවෙන් මුල්‍ය ප්රකාශනවල සටහන් මගින් හෙළිදරව්කොට ඇත.
එම මුදල අඩුකිරිම සම්බන්ධයෙන් අදාල ආයෝජකයා සමග ඇතිකරගත් එකඟතාවයන් විගණනයට ඉදිරිපත්කොට නොමැති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
වටිනාකම අඩුකරගැනිමට අදාල එකඟතාවයන් පිළිබද විස්තර නොපමාව විගණනය වෙත ඉදිරිපත් කළයුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත.
මෙකී බලාගාර ඉදිකිරිමේ ව්‍යාපෘතිය ඉන්දියානු අදානි සමාගම වෙත පිරිනැම්ම සදහා 2022 මාර්තු මස 15 වැනිදින අමාත්‍ය මණ්ඩලය මගින් අනුමැතිය ලබාදි තිබුණි. ශ්‍රිලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කොට ඇත.







