-
ඉතිහාසයේ පළමු වතාවට SSC කණ්ඩායම පළමු පෙළින් විසිවීම වළක්වා ගැනීමට කරන කුජීත මෙහෙයුමේ ඇතුළාන්තය කියවන්න….
එළඹෙන සතිය තුළ ශ්රී ලංකා ක්රිකට් දූෂණ මර්ධන ඒකකයට වැඩ බහුල වනු ඇත. ඒ ලංකාවේ ප්රමුඛ පෙළ අන්තර් ක්රීඩා සමාජ ක්රිකට් තරගාවලියේ අවසන් සති අන්තයවන බැවිනි.
හැමදාමත් මේ තරගාවලියේ අවසන් තරග දෙක තුන වන විට දෙවෙනි පෙළට නොවැටී සිටීම සඳහා නොයෙකුත් ආකාරයේ “මැච් ෆික්සින්” සිදු වන බව නොරහසකි.
ක්රිඩා සමාජ නිලධාරීන්, පුහුණු කරුවන් හා ක්රීඩකයන්ද මෙම ෆික්සින් ගේම් එකේ සිටියත් ක්රිකට් දූෂණ මර්ධන ඒකකයෙන් මෙතෙක් අල්ලා ගත් අයකු නැති වීමද විශේෂත්වයකි.
වෙනදාට වඩා මෙවර විශේෂත්වයක් වනුයේ මෙරට ප්රබලම ක්රීඩා සමාජය වන SSC ක්රීඩා සමාජය තවත් එක් තරගයක් පමණක් ඉතිරිව තිබියදී තවමත් අවසන් ස්ථාන දෙකේ පසු වීමයි.

තරගාවලි නීතිය අනුව කොටස් දෙකකට පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් ස්ථාන දෙකේ පසුවන කණ්ඩායම් මීළඟ වාරයේ දෙවෙනි කොටසට පහත වැටේ. ඒ අනුව ප්රමුඛ පෙළ ක්රීඩා සමාජ හතරකට ෆස්ට්ක්ලාස් තත්ත්වය අහිමි වීම සිදුවේ.
ඉතිහාසයේ ප්රථම වතාවට එම ෆස්ට්ක්ලාස් තත්ත්වය නැතිකර ගැනීමේ අවස්ථාවක සිටින SSC කණ්ඩායමට ඉතිරිව ඇති තරගය වනුයේ ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින NCC කණ්ඩායමයි. SSC කණ්ඩායමට ඉහළින් සිටින නුගේගොඩ කණ්ඩායමට තවත් තරග දෙකක් ඉතිරිව තිබේ.
SSC ක්රීඩා සමාජයේ සමන්ත දොඩන්වෙල තරග කමිටු සභාපති මෙන්ම මෙවර නිලවරණයේ ප්රධාන නිලතල තුනටම තරග වදින ක්රිකට් බලධාරියෙකි. මහේල ජයවර්ධන එහි ක්රිකට් මෙහෙයුම් කමිටුවේ ප්රධානියාය. අර්ජුන රණතුංගද SSC විධායක කමිටුවේ ප්රබලයෙකි.
දැනටමත් මෙම තීරණාත්මක තරගය ජය ගන්නට තමන්ට අවස්ථාව දෙන මෙන් ඉහළ මට්ටමේ සාකච්චා තිබී ඇත. තරගය දිනකින් කල් දමා ගැනීමේ උත්සාහයක්ද කර තිබේ.
දැනගන්නට තිබෙන ආකාරයට මෙවර ශූරතාව දිනා ගැනීමේ අවස්ථාවක සිටින NCC පිලේ ක්රීඩකයන් මෙයට නතු කර ගැනීම අපහසු කරුණක් වී තිබේ.
එහෙත් දොඩන්වෙල මේ වන විට තම ක්රිකට් විධායක බලතල යොදා උපක්රම රැසක් සිදු කර ඇති බව වාර්තා වේ.
SSC හිටපු පුහුණුකරු සමන් ජයන්ත මීට මාස දෙක තුනකට පෙර ක්රිකට් ආයතනයේ උසස් තාක්ෂණ පුහුනුකරුවකු ලෙස පත් වීම් ලැබ SSC ක්රීඩා සමාජයෙන් ඉවත් වුවත් ඉහළින් ලැබුණු නියෝගයක් මත තාවකාලිකව SSC වෙත මුදා හැර ඇත.
මෙලෙසම සම්පත් පෙරේරා නම් පුහුණුකරුද පානදුර ක්රීඩා සමාජයට යාමෙන් බේරා ගැනීමට ක්රිකට් ආයතනයෙන් පානදුර ක්රීඩා සමාජයට මුදා හැර තිබේ.
පානදුර ක්රීඩා සමාජයේ උප සභාපති , ක්රිකට් උප සභාපති හා විනිසුරුවන්ගේ සභාපති වන්නේ රවින් වික්රමරත්නය. පානදුර ක්රීඩා සමාජයද මේ වන විට ඉන්නේ යටට යාමේ තර්ජනයට යටත්වය.
මේ සංසිද්ධි අනුව මීළඟ තරගවලදී තරග විනිසුරුවන් යෙදවීමේත්, තණ තීරු සැකසීමේත්, ඒ ඒ කණ්ඩායම් වල ක්රීඩකයන් විවේක ගැන්වීම් හා අඩු දස්කම් දැක්වීමේත් සිද්ධීන් දෙස විමසිල්ලෙන් බලා සිටිය යුතුය.
ඇන්ටි කරප්ෂන් යනුවෙන් මසකට ලක්ෂ ගණන් පඩි ගන්නා නිලධාරීන් සිටින්නේ මේවා බැලීමටය.
එහෙත් මේ දක්වා මොවුන් ඇල්ලූ අයකු නම් නොමැතිය







