මේ මස අවසන් වීමට පෙර ජල ගාස්තු අඩු කරන බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය නිවේදනය කරයි.
කුඩා ප්‍රමාණයෙන් ජලය පරිභෝජනය කරන ජනතාවට වැඩි ප්‍රතිලාභයක් ලබාදීම ජල ගාස්තු අඩුකිරීමේ අරමුණ බව අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.
විදුලි බිල 20% කින් අඩු කිරීමත් සමඟ ජල ගාස්තු අඩු කිරීමේ යෝජනා කිහිපයක් ඉදිරිපත් වී ඇති බව ඔහු වැඩිදුරටත් කියයි.
මෙම යෝජනා සියල්ල සමාලෝචනය කර වාර්තාවක් ලබාදෙන ලෙස ඔහු ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කමිටුවකට උපදෙස් දී ඇත.
අමාත්‍යවරයා පවසන්නේ ජල ගාස්තු තීරණය කිරීමේදී විදුලි බිලෙන් දායක වන්නේ 40%ක් පමණ බවය.
එබැවින් මෙම සලකා බැලීම මත නව මිල ගණන් ප්‍රකාශයට පත් කරන බව ඔහු වැඩිදුරටත් පවසයි.







