නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා පෙබරවාරි 12 සිට වශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරියා ලෙස පත් කර තිබේ. මෙම පත්කිරීම සදහා පෙරේදා (06) පොලිස් කොමිසමේ අනුමැතිය ලැබී තිබිණි.
එසේම දැනට විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරීවරයා ලෙස සේවය කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර නැගෙනහිර පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස පත් කරනු ඇත.
එසේම දැනට නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන අජිත් රෝහණ වයඹ පළාතටත්, වයඹ පළාතේ පොලිස් ප්‍රධානියා ලෛස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් දකුණු පළාතටත්, දකුණු පළාතේ පොලිස් ප්‍රධානියා ලෙස කටයුතු කරන මහේෂ් සේනාරත්න ඌව පළාතටත් ස්ථාන මාරු කිරීමට අනුමැතිය ලැබී ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් සදහන් කරයි.
ස්ථානාධිපතිවරු 100කට වැඩි පිරිසක් ස්ථාන මාරු කිරීමට රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතිය ලබා දී ඇති අරත මෙලෙස ස්ථාන මාරු ලබන පොලිස් ස්ථානාධිපතිවරු රැසකට ස්ථානාධිපති ධූරය අහිමි වී සාමාන්‍ය රාජකාරී සදහා යොමු කරනු ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.







